දේශීය පුවත්

ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලවන අලූත්ම ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය ලබාදීමට ශ‍්‍රී ලංකාව තීරණය කර ඇත.

මේ යෝජනාවට අදාළ සාකච්ඡුාවක් අද (05 දා)) මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡා වේ. බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් පහක් විසින් ගෙන එන මෙම යෝජනාව මාර්තු 07 දා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ.

වගවීමේ කි‍්‍රයාවලිය සහ සංහිඳියාව නමින් නම්කර ඇති මෙම යෝජනාව ඉදිරිපත් කරන රටවල් අතර කැනඩාව, ජර්මනිය, මොන්ටිනියුරෝව සහ මැසිඩෝනියාවද සිටී.

මෙම සියලූම රටවල් යුද අපරාධ කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය ලබාදීමෙන් වළකින ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විදේශ කටයුතු බලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි. එහෙත් එම ඉල්ලීම ඉටුවී නැත.

ශ‍්‍රී ලංකාව අලූත් ජිනීවා යෝජනාවට මෙවරද සම අනුග‍්‍රහය ලබාදෙන බව බි‍්‍රතාන්‍ය රජය මුලින්ම අනාවරණය කර තිබිණි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More