දේශීය පුවත්

ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ LPG ගෑස් සැපයුම් කරු වන OTI (ඕමාන් ට්‍රේඩිං ඉන්ටර්නැෂනල් ) සමාගමේ බලය ලත් දේශීය නියෝජිත ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ් ) නැමැත්තා අයතා ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇති බවට ලංකා ලීඩ් නිව්ස් අප විසින් මුල් වරට සියලු ලිපිලේඛන සහිතව ඊයෙ(04) හෙළිදරව් කරන ලදි.

මෙම හෙළිදරව්වෙන් පසු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කිහිපයකම මංගල සමරවීර මහතා විසින් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීමේ දී සිදුව ඇති අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් පුවත් පළ වූ අතර මේ සම්බන්ධයෙන් මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂ මෙහෙයුම් හා ජාතික සංවිධායක අසේල සම්පත් මහතා ඊයේ (04) මාධ්‍ය හමුවේ විශේෂ හෙළිදරව්වක් සිදුකරන ලදි.

මංගල සමරවීර අමාත්‍යවරයා විසින් කළ මෙම පත්කිරීමේදී සිදුව තිබෙන අක්‍රමිකතාවයන් පිළිබද සොයා බලන ලෙස අතිගරු ජනාධිපතිවරයාගෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙහිදී ඉල්ලීමක්ද කර සිටියේය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ෂන්මුගසුන්දරම් දේවනායගම් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු වශයෙන් පත්කල බවට නිකුත් කරන ලද ලිපියත්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් R H S සමරතුංග මහතා විසින් ෂන්මුගසුන්දරම් දේවනායගම් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු වශයෙන් පත්කළ බවට නිකුත් කරන ලද ලිපිය ඇතුළු සවිස්තරාත්මක තෙරතුරු ඇතුලත් පුවත පහතින් දැක්වෙයි.

සබැඳි පුවත් – 01



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More