දේශීය පුවත්

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ නෛයිතිකමය රාමුවක් තුළ සිදුවූ දේවල් නොවන බවත් ඒවා සැලසුම් සහගතව සිදුව දේ බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හියෝ පවසති.

ඊයේ(04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවිදි හඬ සංවිධානයේ හිමිවරුන් මේ බව සඳහන් කළේය.

පැවිදි හඬ සංවිධානය පවසන්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බවයි.

එමෙන්ම තරුණයින් පිරිසක් පැහැරගෙන යාම වෝදනාව සම්පූර්ණයෙන් බැහැර කළ යුතු වෝදනාවක් බව උන්වහන්සේ සඳහන් කළේය.

මේ අතර ජීනීවා මානවහිමිකම් සැසියෙදී අපේ හමුදාව යුධ අපරාධ සඳහා සම්බන්ධ බවට අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිගත් බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි චෝදනා කරයි.

යුද්ධයේදී විවිධ චෝදනා කරපු අය මේ වන විට බලයට පැමිණ මේ හමුදා නිලධාරීන්ට හිංසා කරන්නේ ඩයස්පෝරාව සතුටු කරීමට බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More