දේශීය පුවත්

ගැටලු 17ක් මුල්කර ගනිමින් හෙට (05දා) ඉතිහාසයේ ප්‍රථම වතාවට අසනීප නිවාඩු දමා එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි.

මීට සමගාමීව හෙට පාර්ලිමේන්තු වටරවුම අසලදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව එම සංගමයේ සභාපති කමල් කිත්සිරි මහතා අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

ග්‍රාම නිලධාරී සේවාවට ඇතිවී තිබෙන වැටුප් ගැටලු, උසස්වීම් ගැටලු, බඳවා ගැනීම් ගැටලු ඇතුළු ගැටලු 17කට බලධාරීන් විසඳුම් ලබා නොදීම නිසා අකමැත්තෙන් වුවද වැඩවර්ජනය කිරීමට තීරණය කළ බවද කියා සිටියේය.

ග්‍රාමනිලධාරීවරුන් කිසිදු අවස්ථාවක වැඩවර්ජනයක් සිදුකර නොමැති බවත්, එහෙත් හෙට දිනයේදී වැඩවර්ජනය කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More