දේශීය පුවත්

කුඹුරු ඉඩම්වල යාන්ත‍්‍රික පතල් කැපීමට යළි අවසර දීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගනී. කුඹුරු ඉඩම්වල යාන්ත‍්‍රික පතල් කැපීමට අවසර නොදෙමින් නිකුත් කළ 24/2018 දරණ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ චක‍්‍රලේඛයට සංශෝධනයක් එක්කරමින් පෙබරවාරියේ සිට නිකුත් කළ 24/2018 (සංශෝධන) චක‍්‍රලේඛයෙන් එකී අවසරය ලබාදී ඇත.

ඒ අනුව මුල් චක‍්‍රලේඛයේ 9 වැනි වගන්තියේ කොන්දේසිය මගින් සඳහන් කර තිබූ ‘සාර්ථක ලෙස වගා කළ හැකි කුඹුරු ඉඩම් සඳහා මේ යටතේ යන අවසර ලබාදීම සිදු නොකළ යුතුය යන්න සාර්ථක ලෙස වගා කළ හැකි කුඹුරු ඉඩම් සඳහා යාන්ත‍්‍රිකව පතල් කැනීමට අවසර ලබාදීම සිදුකරන්නේ නම් එම කාර්ය නිසා අවට ඇති කුඹුරු ඉඩම්වල වගා කටයුතු වලට බාධාවක් සිදු නොවන බවට කේෂ්ත්‍ර පරීක්‍ෂණයක් මගින් තහවුරු කරගත යුතුය යන්න ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්.එම්. එම්.බී. වීරසේකර මහතාගේ අත්සනින් යුතු ලිපියකින් සංශෝධන කර ඇත.

මේ නියෝගයත් සමඟ රජයේ පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ වැඩසටහනට කණකොකා හඬනු ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ අවධාරණය කරති.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුඹුරු පුරන්වීමට ප‍්‍රධාන හේතුව යාන්ත‍්‍රික මැණික් කැනීම හෙවත් බැකෝ යන්ත‍්‍ර යොදා පතල් කැපීම විය. රත්නපුර දිසාවේ කූඹුරු අක්කර 50052කින් අක්කර 1644ක් යළි කිසිදා වගා කළ නොහැකි කූඹුරු බවට පත්ව ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ පුරන් කුඹුරු ප‍්‍රමාණය අක්කර 8745ක් බවට හඳුනාගෙන ඇති අතර ඒ පුරන් කුඹුරු යළි අස්වැද්දීමට ගොවීන් උනන්දු වෙද්දී කුඹුරුවලට විනාශය ගෙනා බැකෝ ඇතුලූ යන්ත‍්‍ර යොදා මැණික් ගැරීමට අවසර දීමෙන් ගැටලූ රැසක් මතුව ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

මෙම පුරන් කුඹුරුවලින් 2017/18 යළ මහ කන්න දෙකේ වලා කර තිබුණේ අක්කර 2949කි. වගානොකළ පුරන්ව ඇති වගාකළ හැකි අක්කර 4152ක් 2019 යල් කන්නයේ අස්වැද්දීමට අපේක්‍ෂිත තිබුණ ද යළිත් වරක් කුඹුරුවල බැකෝ පතල් කැපීමට අවසර ලබාදීමෙන් එම වැඩපිළිවෙළ අසාර්ථක වනු ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ අවධාරණය කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More