දේශීය පුවත්

යාපනය, කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි සෙල්වරන්සන් නමැත්තෙකු‍ගේ නිවස වෙතට ආවා කල්ලිය විසින් තර්ජනාත්මක ලිපියක් ඊයේ (03) දින එවා ඇති බව යාපනය පොලීසිය කියා සිටියි.

අදාළ ලිපිය ආවා ප්ලස් ගෘප් නමින් හඳුන්වා ඇති අතර එහිදී පවසා ඇත්තේ නිවසේ ගෙට්ටුව අසළ ඇති සි.සි.ටි.වි කැමරා වහාම ගලවා ඉවත් කළ යුතු බවත් එලෙස නොවන්නේනම් නිවස වසා දැමීමට මෙන්ම නිවසේ වාසය කිරීමට අවස්ථාව ලබා නොදීමට කටයුතු කරන බැවින් වහාම අදාල කැමරා පද්දතිය ගලවා ඉවත් කරන ලෙසටය.

ලිපිය ලැබුනු පුද්ගලයාගේ නිවසේ පැවති සි.සි.ටි.වි කැමරා දර්ශන මගින් ආවා කල්ලියේ ක්‍රියාකාරකමක් පසුගිය දිනක අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි විම හේතුවෙන් එම කල්ලිය විසින් මෙසේ ලිපියක් එවා ඇති බවට පොලීසිය කියා සිටියි.

කෙසේ වෙතත් අදාල ලිපිය එවූ පුද්ගලයින් පිළිබඳව මෙන්ම ලිපිය ලැබුනු පුද්ගලයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය පවසයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More