දේශීය පුවත්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා නියෝග කළේය.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වත්තල පදිංචි රංගන ශිල්පිනියක වු ශානිකා මධුවන්ති ඇතුළු තරුණ තරුණියන් 17 දෙනෙකි.

මාතර මිරිස්සේ හෝටලයක පැවති රාත්‍රි සාදයකට සහභාගී වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

එම සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 550 ක් හා මිලි ග්‍රෑම් 250 ක්‍ අඩංගු හදුනා නොගත් මත් පෙත්තක් පොලීසිය සොයා ගැණිනි.

තරුණ තරුණියන් 17ක් හෝටලයකදී කොකේන් සමග කොටු

කොකේන් සහ තවත් මත්ද්‍රව්‍ය සමග තරුණ තරුණියන් 17 දෙනෙකු මාතර පොල්හේන ප‍්‍රදේශයේ හෝටලයක දී ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත.

තරුණයන් 14 දෙනෙකු සහ තරුණියන් 03 දෙනෙකු ඒ අතර වන බවයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ද ඔවුන්ගෙන් ඇතැම් අය මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට සැක කෙරෙන අතර මෙම තරුණ තරුණයින් විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශනවලින් හෙළිව තිබේ.

සාදයක් සඳහා ඔවුන් මාතරට පැමිණ ඇතැයිද තොරතුරු ලැබී තිබේ. මාතර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් මෙම වැටලීම සිදු කළ අතර

මතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තාවේ. අත්අඩංගුවට ගත් මෙම තරුණ තරුණියන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More