දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර විධායක ජනාධිපති ධුරයට කොන්දක් තිබෙන අයකු පත් කළ යුතු යැයි අක්මීමන දයාරතන හිමියෝ පැවැසූහ.

සිංහලේ විමුක්ති පෙරමුණ පසුගියදා දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

දයාරතන හිමියෝ මෙසේද කීහ.

‘‘ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලා මේ වෙනකොට සමාජය තුළ මතයක් ගොඩනැඟිලා තියෙනවා. මේ රටේ වසර තිහක් තිබුණු යුද්ධය නිමාවට පත්කර ගන්න හැකි වුණේ විධායක ජනාධිපතිවරයෙක් සිටිය නිසයි. කැබිනට් ආණ්ඩුවක් තිබුණා නම් කවදාවත් යුද්ධය ඉවර කරන්න වෙන්නෙ නෑ. එහෙනම් මැති ඇමැතිවරු මුදලට විකිණිලා මේක ඊළාම් රාජයක් ලෙස ප්‍රකාශයට පත් කරලා ඉවරයි. ඒ හින්දා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම නෙවෙයි කළ යුත්තේ. විධායක ජනාධිපති තෝරා ගන්නකොට කොන්දක් තියෙන කෙනෙක් ඒ සඳහා තෝරා ගැනීමයි. අපිට මේ වෙනකොට ආරංචි වෙලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයත්, ජනාධිපතිතුමත්, අගමැතිතුමත් විධායක ජනපති ධුරය අහෝසි කරන්න එකඟවෙලා තියෙනවා කියලා. එහෙම වුණොත් රටට ලොකු හානියක් වෙනවා. ඒ නිසා සියල්ලට පෙර පළාත් සභා අහෝසි කළ යුතුයි. ‘‘ යනුවෙන් ද උන්වහන්සේ අවධාරණය කර සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More