දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන සිය පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ඇප මත නිදහස් වීමෙන් පසු ඔහු පිළිබඳ තීරණයක් ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක කියා සිටියේ ලාල් කාන්ත හිටපු මන්ත‍්‍රීවරයා පක්ෂයේ සම්ප‍්‍රදායන් කඩකර තිබුණහොත් ඊට එරෙහිව පියවර ගැනීමට සිදු වන බවය.
‘‘ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් සිදුකරේ නැහැ. අවශ්‍ය තීන්දු තීරණ අධිකරණයෙන් ලබාදී දින 14ක කාලයක් රිමාන්ඩ් ගත කරලා තියෙනවා. ලාල් කාන්ත සහෝදරයා ආවට පස්සේ ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කරලා බලන්න ඕනේ. මොකක්ද සිද්ධ වුනේ ඇයි ඔහු බීමතින් සිටියේ කියලා. පක්ෂයක් වශයෙන් දුම් බිම, මත්පැන් පානය කිරීම ආදී කරුණු දේශපාලනික සහ ආර්ථික හේතු නිසා අපි තහනම් කිරීමට පියවර ගනු ලැබුවා. ඒ මිට වසර ගණනාවකට පෙරදී‘‘ යැයි මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලාල් කාන්ත පැදවූ කැබ් රථයේ ගැටීමෙන් ඉකුත්දා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර පසුව එම අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් හිටපු මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාත ගත කෙරුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...