හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර, ගෙලිඔය, එළමල්දෙණිය ප්‍රදේශයේ බහුතර මුස්ලිම් ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති එළිය වැඩසටහනට (මාර්තු 02) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා.
වසර තිහකට අධික කාලයක් පැවතුණ ත්‍රස්තවාදය අවසාන කිරීමෙන් විශේෂයෙන්ම නැගෙනහිර හා උතුරු ප්‍රදේශවල ජීවත්වන මුස්ලිම් ජනතාවට වුණු සේවය ගැන මම කතාකරන්න කැමතියි. සියලුම ජනකොටස් වලට ප්‍රශ්නයක් වෙලා තිබුණු ත්‍රස්තවාදය අවසන් කිරීමට මිස එදා අපේ රජය ගෙනගියේ කිසිම ජනවර්ගයකට විරුද්ධ සටනක් නෙවෙයි.
ඒ යුද්ධයට එදා අපිට සාර්ථකව මුහුණ දීලා සියලුම ජනතාවට නිදහසේ ඉන්න සැලැස්වූවාට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමත්, ඒ රජයත්, මමත් ජාතිවාදීන් ලෙස හංවඩු ගහන්නට අපේ ප්‍රතිවාදීන් ක්‍රියාකළා. අපි මුස්ලිම් ජනතාවගේ විරුද්ධවාදීන් ලෙස පෙන්වලා දුන්නා.
යුද්ධය අවසන් වීමෙන් අනතුරුව අපි කොළඹ ප්‍රදේශයේ පැල්පත්වාසීන්ට බෙදාදීමට තට්ටු නිවාස සංකීර්ණ ඉදිකළා. ඒ බෙදා දුන් බහුතර නිවෙස් වල හිමිකාරිත්වය මුස්ලිම් ජනතාවටත් ලැබුණා. නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා විදිහට මම ඒ කාර්ය කළේ සිංහල, මුස්ලිම්, දෙමළ කියලා ජනකොටස් වර්ග කරලා නෙවෙයි. අපේ විරුද්ධවාදීන්ගේ ක්‍රමය තමයි මොන හොඳක් කළත් ඒ ගැන වැරදි මත ජනතාව අතරට ගෙන එන එක. මේ නිවාස හදද්දිත් ඔවුන් කිව්වේ කොළඹ ඉන්න මුස්ලිම් ජනතාව කොළඹින් එළවලා නැගෙනහිරට යවන්න හදනවා කියලා. සමහරෙක් මේවා විශ්වාස කළා. නමුත් දැන් ඔබලා දන්නවා ඇත්ත කතාව මොකක්ද කියලා.
අපිට නිදහස ලැබිලා අවුරුදු 72 ක් ගියත් අදත් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය, දෙමළ ජනතාවගේ ප්‍රශ්නය අපි කතාකරනවා. අපිට තවමත් මේවා විසඳන්නට බැරිවෙලා තියෙන්නෙ දේශපාලනඥයෝ ඡන්දය ලබාගැනීමට පමණක් ඔබලා පාවිච්චි කරන නිසා. ඇත්තටම ප්‍රශ්නය වෙලා තියෙන්නේ සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියන එක නෙවෙයි. වර්තමායේ අපේ ජනතාවට ජීවත් වෙන්නට සුදුසු ආදායමක් තියෙනවද, තමන්ගේ දරුවන්ට පාසලක් තියෙනව ද, තමන්ට සුදුසු රැකියාවක් ලබාගන්න පුළුවන්ද, හොඳ සෞඛ්‍යක් තියෙනව ද, තමන්ට නිවසක් තියෙනවද කියන ප්‍රශ්නය. නමුත් අපේ දේශපාලනඥයින් ඒවා පෙන්වලා දෙන්නේ වැරදි විදිහට. ඔවුනොවුන් අතර ඝට්ටන ඇතිවෙන විදිහට. අපි කරන්න ඕනේ පොදුවේ මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයන එකයි. එදා අපි කරමින් සිටියේ ඒ වගේ දෙයක්.
අපි සියලුම ජනකොටස් වලට නිදහසේ ජීවත්වීමේ පරිසරයක් හදලා දෙන්න අවශ්‍යයි. මුස්ලිම් ජාතිකයන්ට කියලා ඉගෙන ගැනීම බාධාවක් එදා තිබුණේ නෑ. අපි දන්න මුස්ලිම් ජාතිකයන් බොහෝ දෙනෙක් ඉන්නවා හොඳට ඉගෙනගෙන සමාජයේ ඉහළ මට්ටමේ ඉන්න. සියල්ලටම ප්‍රශ්නය වෙන්නේ ජනවර්ගය කියන එක නෙමෙයි මම දකින්නේ. එයට හේතුව දුප්පත්කම. අපි පොදුවේ මේ රටේ දුප්පත්කම නැතිකරන වැඩපිළිවෙලකට යන්නට අවශ්‍යයි. නිසි ජාතික ප්‍රතිපත්ති අවශ්‍යයි.
ඈත අතීතයේ සිටම සියලු ජනවර්ග එකට මේ රටේ ජීවත් වුණා. විටින් විට සුළු ප්‍රශ්න තිබුණත් නිදහසේ අපි ආගම ඇදහුවා. කාට වුණත් මුදල් තිබුණොත් මේ රටේ ගෞරවණීය ජීවිතයක් ගතකරන්න පුළුවන්. අපේ ඉදිරි රජයකදී මේ සෑම ජනකොටසකට ගෞරවණීය ලෙස ජීවත්වෙන්නට අවශ්‍ය පරිසරය සකස් කරනවා. ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ආගම අදහන්නට මෙතෙක් කල් තිබුණාටත් වඩා නිදහසක් අපි ඇති කරනවා. පාතාලය, මත්ද්‍රව්‍ය නැති නිදහස් රටක් අපි බිහිකරනවා.
එදා අපි මේ වැඩපිළිවෙල ක්‍රමයෙන් ඉදිරියට ගෙනඑන විට අපේ විරුද්ධවාදීන් අපිට දෝෂාරෝපණය කළා. විශේෂයෙන් සුළු ජාතිකයන් අතරේ වැරදි මත පැතිරෙව්වා. ඇත්තටමට කිව්වොත් එකම සුදුවෑන් එකක්වත් නෑ මා සතුව. නමුත් මේ සංකල්පය හඳුන්වාදුන්නේ අපි චෝදනා කරන අයමයි.
එදා ත්‍රස්තවාදය නිම කරන්නට යම් යම් ලෝකයේම භාවිතා කරන ක්‍රම යොදාගන්නට ඇති. නමුත් ඔවුන් කිසිම දේශපාලන පළිගැනීමක් කළේ නෑ. එදා කොළඹ ආක්‍රමණය කර සිටි ත්‍රස්තවාදීන් නසන්න අපේ බුද්ධි අංශ මහා කැපවීමක් කළා. ඒ අතර මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ඒ බුද්ධි අංශවල අපේ මුස්ලිම් නිලධාරීනුත් විශාල පිරිසක් සිටියා රට වෙනුවෙන් දිවි කැපකළ. අපි දේශද්‍රෝහීන් නෙවෙයි. මමත් සියලු දේ කළේ මගේ පුද්ගලික අවශ්‍යතාවන් සපුරා ගන්න නෙවෙයි. මේ රටේ රටවැසියෙක් විදියට මගෙන් වියයුතු යුතුකම, වගකීම ඉටුකිරීම පමණයි. එයින් සෑම ජනකොටසකටම යහපතක් වුණා. එදා දේශද්‍රෝහී විරුද්ධවාදීන්ගේ බොරු ප්‍රචාර වලට සමහරෙක් රැවටුණත් අද ඔබලා දන්නවා ඇත්ත කතාව.
අද රට පත්වෙලා තිබෙන තත්ත්වයත් එක්ක මම ඔබෙන් ඉල්ලා සිටිනවා එවැනි බොරුප්‍රචාර වලට නැවතත් රැවටෙන්න එපා කියලා. පළමුවෙන් අපි රටට ආදරය කළ යුතුයි. යහපත් සමාජයක් ඇති කිරීමට අපි සියලුදෙනාම එක්මුයි යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසුවා. ව්‍යාපාරික අල්හාජ් ඒ. එල්. එම්. ෆාරිස් මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර මහාචාර්ය රිස්වි ෂෙරිෆ්, දේශබන්දු මොහොමඩ් ෆෙරෝස් මජීඩ්, අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් ද විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණිය ද අදහස් දැක්වූවා.
– එළිය මාධ්‍ය ඒකකය
එළිය වැඩසටහන – ගෙලිඔය (මාර්තු 02)ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ අදහස්…
Gepostet von එළිය Eliya am Sonntag, 3. März 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...