ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සදහා ජපානය රුපියල් මිලියන 20,000 ක ආධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇත. ඒ පිළිබදව ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා මහතා විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට දැනුම් දෙන ලදි.
ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා හමු වූ අතර, මෙම මුදල “ජයිකා” ව්‍යාපෘතිය යටතේ ලබාදෙන බව ප්‍රකාශ කළේය.
තව ද වසර 2020 ට පෙර අතිනවීන ශල්‍යාගාරයක් ද ශ්‍රී ලංකාවට ලබාදීමට ජපානය තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ජපානය අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය සේවාවට ජපානය ලබාදෙන සහයෝගය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඇගයීමට ලක් කළේය.
– ප්‍රසන්න අධිකාරි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...