විදේශ පුවත්

ඉන්දීය ගුවන් හමුදාවට එරෙහිව පාකිස්තානය විසින් තමන් ලබාදුන් එෆ් -16 වර්ගයේ ප්‍රහාරක යානා උපයෝගී කර ගත්තාද යන්න සම්බන්ධයෙන් අමෙරිකාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.

පෙබරවාරි 27 වනදා සිය ගුවන් හමුදා ජෙට් යානාවකට ප්‍රහාර එල්ල කර එය බිම දැමීමට එෆ් -16 ප්‍රහාරක ජෙට් යානා පාකිස්තානය විසින් උපයෝගී කර ගත් බවට ඉන්දියාව චෝදනා එල්ල කරනු ලබනවා.

සිය රටට එරෙහිව අමෙරිකාව විසින් ලබාදුන් ප්‍රහාරක ගුවන් යානා උපයෝගී කර ගැනීම හේතුවෙන් පකිස්තානය විසින් අමෙරිකාව සමග ඇති කර ගෙන තිබු ගිවිසුම උල්ලංඝණය කර ඇති බවයි ඉන්දියාව සඳහන් කරන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More