දේශීය පුවත්

පකිස්තානු ත‍්‍රස්තවාදීන් ශී‍්‍ර ලංකාව හරහා ඉන්දියාවට පැමිණීමට ඇති ඉඩකඩ හේතුවෙන් ඉන්දියාව දැඩි ආරක්‍ෂක පියවර රැසක් ගෙන තිබේ. එම පියවර ශී‍්‍ර ලංකාවට අහිතකර ලෙස බලපානු ඇතැයි ශී‍්‍ර ලාංකික ව්‍යාපාරික අංශ තුළ කැළඹීමක් හටගෙන තිබේ.

ඉන්දු පකිස්තාන යුද තත්ත්වය නිසා පකිස්තානු ගුවන් සීමා වසා දැමීම නිසා ශී‍්‍ර ලංකාව හා පකිස්තානය අතර ගුවන් ගමන් ද අත්හිටුවා තිබේ. මේ නිසා ගුවනින් භාණ්ඩ ප‍්‍රවාහනය ද ඇනහිට තිබේ.

මේ හේතුවෙන් පකිස්ථානය වෙත යවනු ලබන අපනයන සීමාවීමත් ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සීමාවීමත් හේතුවෙන් ශී‍්‍ර ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ශී‍්‍ර ලංකාව ප‍්‍රධාන වශයෙන් පාකිස්තානය වෙත තේ, බුලත්, පොල්, පොල්කටු අඟුරු, ගම්මිරිස් හා රබර් නිෂ්පාදන අපනයනය කරයි. වාර්ෂිකව එම අපනයනවල වටිනාකම රුපියල් මිලියන දහඅටදහසකි. ඉන්දියාවෙන් කුළුබඩුවල සිට යන්ත‍්‍ර සූත‍්‍ර දක්වා ආනයනය කරති.

ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සීමා වුවහොත් රටේ භාණ්ඩ මිල ඉහළ ගොස් එය උද්ධමනය ඉහළ යෑමට ද බලපානු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More