දේශීය පුවත්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකගතාවය පළ කර ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණු බවත් එසේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු ශ්‍රී ලංකාවේ ඒකීයභාවය නිසැකවම අනතුරට ලක් කිරීමක් බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.

එහි විධායක සභාව විසින් මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කර සිටියි.

බෙදුම්වාදී අරමුණුවලට බාධාවක් නොමැති නම් එම ක්‍රමය අහෝසි කිරීමට ඔවුන්ට කිසිදු වුවමනාවක් නැති බවත් රට බෙදුම්වාදී මර උගුලින් බේරී තිබෙන්නේ හෝ බේරා ගැනීමට හැකිවී තිබෙන්නේ සහ අනාගතයේදී එසේ බේරා ගැනීමට හැකි වන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසා යැයිද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

රණවිරුවන් 27000 ක් ජීවිත පුදා 60000 ක් අත් පා දන් දී නන්දිකඩාල් කලපුවේ දී මව්බිමේ ඒකීයභාවය සපථ කළ විජයග්‍රණහහණයේ සේනාධිපතිවරයා ලෙස එකී ජයග්‍රහණයන් ආපසු හරවන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකට අත එසවීමේ අයිතියක් මහින්ද රාජපක්ෂ මහතාට නොමැති බව තම විශ්වාසය බවද ඔවුන් එම ලිපියඩ මගින් වැඩි දුරටත් සදහන් කර ඇත.

සම්පූර්ණ ලිපිය පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More