දේශීය පුවත්

තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන ජාත්‍යන්තර රතු වරෙන්තු අවලංගු කරන ලෙස ඉල්ලමින් අර්ජුන මහේන්ද්‍රන් හා උදයංග වීරතුංග යන මහත්වරුන් ඉදිරිපත් කළ අභියාචනා දෙක ජාත්‍යන්තර පොලීසියේ අභියාචනා මණ්ඩලය පසුගිය සතියේ ප්‍රතික්ෂේප කළහ.

මේ බව ජාත්‍යන්තර පොලීසිය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුවට පෙනී නොසිටීම නිසා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ටද මිග් ගනුදෙනුවට අදාළ නඩුවට පෙනී නොසිටීම නිසා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගටද ජාත්‍යන්තර පොලීසිය රතු වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගැනීමේ නියෝග පනවා තිබිණි.

අර්ජුන මහේන්ද්‍රන් හා උදයංග මෙම රතු වරෙන්තු දෙක අභියෝගයට ලක් කරමින් ජාත්‍යන්තර පොලීසියේ අභියාචනා මණ්ඩලයට අභියාචනා දෙකක් ඉදිරිපත් කළේ ඉන් අනතුරැවය. දීර්ඝ විභාගයකින් පසුව මෙකී අභියාචනා දෙකම ප්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර පොලීසියේ අභියාචනා මණ්ඩලය මේ දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ නියෝග බලාත්මක කළේය. ඒ අනුව දැන් ජාත්‍යන්තර පොලීසියට, ශ්‍රී ලංකා පොලීසියට හෝ ඔවුන් සැඟවී සිටින ඕනෑම රටක පොලීසියකට මේ අය අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට එවිය හැකි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More