දේශීය පුවත්

ද්‍රවිඩ ජනතාව දස දහස්‌ සංඛ්‍යාවක්‌ ඝාතනය කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකළ බවට හිටපු උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බාචලට්‌ වෙත නිල පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇත.

ජනාධිපති සහ අගමැතිට එරෙහිවද කරුණු ඉදිරිපත් කරන විග්නේශ්වරන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් තවදුරටත් සිදුවන බවද, ඒ නිසා එම ප්‍රදේශවල මානව හිමිකම් නිරීක්‍ෂණ මධ්‍යස්‌ථාන වහාම පිහිටුවන ලෙසද කියා සිටියි.

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනාවලට සාක්‍ෂි මතුවන අවස්‌ථාවේ ඊට එරෙහි පාර්ශ්වයන් යටපත් කිරීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කරන බවද විග්නේශ්වරන් සිය පැමිණිල්ලේ දක්‌වා ඇත.

එසේම රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් නිදහස්‌ කිරීමට රජය කටයුතු කර නැති බවද ඔහු මානව හිමිකම් කොමසාරිස්‌වරයාට දැනුම්දී ඇත.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More