විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ නිල සාකච්ඡාව ලබන හය වැනිදා සවස 4.00 ට විපක්‍ෂ නායක කාර්යාලයේදී සිදු කෙරෙන බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
එම සාකච්ඡාව සඳහා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති සිරගතව සිටින කේ. ඩී. ලාල් කාන්ත, සහ නලින්ද ජයතිස්‌ස යන පස්‌දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක් එක්‌වීමට නියමිතය.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කිරීමට නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතු බවත් එම ක්‍රමය නඩත්තු කිරීම සඳහා වන දැවැන්ත වියදම ජාතික අපරාධයක් බවත් විජිත හේරත් මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...