දේශීය පුවත්

කරන්නාගොඩ අත්අඩංගුවට?

March 2, 2019 9:15 am | Lanka Lead News

තරුණයන් 11 දෙනකු කොළඹදී පැහැර ගැනීම හා ඊට සම්බන්ධිත සියලූ සිද්ධීන් ගැන තොරතුරු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා දැනුවත්ව සිටි බවට සාක්‍ෂි ඉදිරිපත් වීම නිසා ඔහු සැකකරුවකු ලෙස නම්කොට අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01 දා) කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මේ වනවිට නම් කොට ඇති සැකකරුවන් 15 දෙනාට හා වසන්ත කරන්නාගොඩ මහතාට අමතරව එම පැහැර ගැනීමට හා කප්පම් ලබා ගැනීමට තවත් තිදෙනකු සම්බන්ධ බවට මේ වනවිටත් තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ද හැකි ඉක්‌මනින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයට දැන්වීය.

එම නඩුවේ පළමු වන සැකකරු ලෙස නම්කොට ඇති නිලන්ත සම්පත් මුණසිංහ, 14 වන සැකකාර ඇන්ටනි ප්‍රනාන්දු හා 15 වැනි සැකකාර සම්පත් ජානක කුමාර නමැති තිදෙනා ලබන 15 වැනිදා දක්‌වා තවදුරටත් රෂිත බන්ධනාගාර ගත කිරීමට ද කොටුව වැඩබලන නිල නොලත් මහෙස්‌ත්‍රාත් නීතිඥ දීමනි බැද්දේවෙල මහත්මිය නියෝග කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More