Uncategorized

එළඹේන 2563 වන සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව දෑත් දෙපා අහිමි වු 563 දෙනෙකු හට ක්‍රියාකාරී දෑත් දෙපා ලබා දී සමාජගත කිරීම. සමස්ථ ලංකාව ප ූරාම යුද්ධයට මැදි වු පාර්ෂවයන් මෙන්ම දියවැඩියාව, හදිසි අනතුරු, පිළිකා, උපතින්ම හා ස්වාභාවික විපත් හේතුවෙන් දෑත් දෙපා අහිමි එහෙත් නැවත තනිව වැඩකළ හැකි තත්වයේ පසුවන්නන්ගෙන් කිසිත් කරකියාගත නොහැකි ආබාධිත තත්වයේ පසුවන්නන් 563 දෙනෙකු හට ප ්‍රතිලාභීන් වශයෙන් මෙම අවස්ථාව ලබා දෙනු ඇත. මෙහිදී ආබාධිත පුද්ගලයාගේ උස බර, ජීවත් වන පරිසරය, රැකියාව, රෝගී තත්වය යනාදී කරුණු සලකා බලා සාමාන්‍ය පාදයක් ක්‍රියාකාරී වන ආකාරයට අවශ්‍ය ස්ථානවලීන් නැමෙන ආකාරයට

මෙම කෘතීම පාද නිපදවන අතර නේවාසිකව පියවරෙන් පියවරට ඔහුව සාමාන්‍ය ජීවිතයට හුරු කරනු ඇත. උදාහරණයක් වශයෙන් මාළු වෙළදාම් කරන අයකුට නැවත බයිසිකලයක් පැදිය හැකි ආකාරයට පවා පුහුණු කර තනිව තම ජීවනෝපාය සරිකර ගත හැකි තත්වයට පත් වන තුරුම ඔහු හා බැදී සිටින අතර එක් පාදයක් ලබා ගත් පසු අලුත්වැඩියාවක් සිදු කොට ජීවිත කාලයටම භාවිතා කළ හැකි බැව් පවසයි.

100% දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් අපේ රටේ නිර්මාණකරුවකු විසින් නිෂ්පාදිත මෙම ක්‍රියාකාරී කෘතීම පාද ලබා දෙන බැව් පවසන සංවිධායක කමිටුව ව්‍යාපෘතියක ක්‍රියාත්මක කිරීමේදී ආනයනික ආබාධිත උපකරණ සඳහා විදේශ කරා ඇදී යන මුදල් රටතුළම නවතා ගත හැකි බැව්ද සඳහාන් කරයි. 2019 මාර්තු 01 වන දින පරිත්‍යාගයේ පියසටහන් ව්‍යාපෘතියේ සමාරම්භය කළුතර නාගොඩ පියසටහන් පරිශ ්‍රයේදී සමාජ ක්‍රියාකාරීන් හා ප්‍රභූන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී

දිස්ත්‍රික් ලේකම් කරේයාල හරහා පියසටහන් පදනම වෙත එවන ලද තොරතොරු අතුරින් ප්‍රෙද්ශ නියෝජනය වන පරිදි තෝරාගත් දස දෙනෙකු (10) සඳහා ක්‍රියාත්මක කෘතීම දෑත් දෙපා නිර්මාණයට අවශ්‍ය මිනුම් කටයුතු පිරිත් දේශණාවක් මධ්‍යයේ ආරම්භ විය.

මෙහිදී අදහස් දැක් වු සාහිත්‍යශ ුරී ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමන් ප්‍රකාශ කලේ මෙය යුගයේ අවශ්‍යතාවයක් බවත් මේ තුළින් සියළු ජාතීන්ගේ බැදීම වර්ධනය වන සේ සියළු දෙනා ඒකා මෙන්ව මහා දානමය පුන්‍ය කර්මයක් සේ සලකා කටයුතු කල යුතු බවයි. තවදුරටත් කථා කරමින් ලංකාවේ නිර්මාණකරුවකු වශයෙන් අරුණ සමරවික්‍රම මහතා තම හැකියාවන් තුළින් සමාජ මෙහෙවරක් කරන බවත් ලෝකය ජයගත හැකි බොහෝ දේ අප රට තුළම ඇති බවත් අප
විසින් ඒවා අදුනා ගෙන නිසි තැන ලබා දීමෙන් රටත් ජාතියක් වශයෙන් නැගී සිටින බවත්ය.

එමෙන්ම මෙහිදී සහෝදරත්වයේ පියසටහන් සභාපති නව නිපැයුම්කරු අරුණ සමරවික්‍රම මහතා මෙසේ අදහස් දැක්විය. තමාගේ මිතුරාට යුධ බිමේදී පාදයක් අහිමි වීමෙන් ඔහුට එදිනෙදා ජීවිතයේ මුහුණපෑ අමිහිරි සිද්ධින් හේතුවෙන් ඇති වු සිතිවිල්ලක් මත තමා කෘතීම පාදයක් නිර්මාණය කළ බවයි. එදා ඒ කළ නිර්මාණය මෙතරම් දුරක් මෙතරම් සමාජ මෙහෙවරක් ඉටු කිරීම දක්වා ගෙව ඒමට තමා කොළඹට පැමිණියේ වතුර බෝතලයක් පමණක් රැගෙන බවත් අතු පැලේ සිට රජ මැදුර දක්වා සියළු දෙනාගේ සහාය තුළින් බවත් තමා අද විදේශ ආනයනික ආබාධිත උපකරණ වලට වඩා එහා ගිය තාක්‍ෂණයකින් හා වගකීමකින් ආබාධිත උපකරණ නිපදවන රෝහල් පරිශ්‍රයක් නිර්මාණය කොට රැකි රක්‍ෂාද 50 කට ආසන්න සංඛ්‍යාවක් ලබා දෙමින් ආනයනික උපකරණ ගෙන්වීම සඳහා විදේශ කරා ඇදී යන මුදල් මෙරට රදවා තබා ගනිමින් හැකි පමණින් මව්බිමට සේවය කරනා බවයි.

තවද විශේෂයෙන් පොදු කාරණා හා විවිධ මත වෙනුවෙන් පෙනීසිටින සියළු සංඝයා වහන්සේලාටද තමා මෙහි වගකීමක් ගෙන නිවැරදිව විනිවිදව පෙනෙන අයුරින් ක්‍රියාත්මක කිරීමට සියළු සහයන්ද අපේක්‍ෂා කරන බවද තමා නව නිර්මාණකරුවකු වශයෙන් තමාට හැකි ආකාරයෙන් තම මෙහි වගකීමක් ගෙන නිවැරදිව විනිවිදව
පෙනෙන අයුරින් ක්‍රියාත්මක කිරීමට සියළු සහයන්ද අපෙක්‍ෂා කරන බවද තමා නව නිර්මාණකරුවකු වශයෙන් තමාට හැකි අයුරින් තම යුතු කම් කොටස කරගෙන යන මුත් අවසන් ඉලක්කය වන සුද්දෝ හදන දේ පමණක් නොව අපේ දේශීය නිර්මාණද සුද්දාට යැවිය යුතු යන මතය තනිව ජයගත් නොහැකි බවත් ඊට සෑම ක්‍ෂේත්‍රයකම නියෝජනයක් අවශ්‍යය බවත් මෙම වැඩසටහන හරහා රට ජාතිය අපේකම තුළින් ලංකා මාතාව රාවණා රජ දවස මෙන් අභිමානයෙන් කියවිය
හැකි වර්ථමානයක් අනාගතයට ඉතිරි කර ගැනීම සදහා ලෙන්ගතුව ආරාධනා කොට සිටින බැව්හැ ගිම්බරව පැවසිය.

තමා මෙම මහා දාන පාරමිතාව වෙනුවෙන් සියළුම ලාභයන්ද ඉවත් කොට දිය හැකි උපරීම දායකත්වය දක්වන බවද පැවසිය. මෙම ව්‍යාපෘතිය සදහා ප්‍රතිලාබ ලබා දීම ඔබ දන්නා ආබාධිත අයවළුන් නම් ඔවුන්ගේ තොරතුරු ලබා දිය හැකි අතර මේ සදහා දායක වීමට කැමති අයවළුන් වේනම් ඔවුන්ටද පරිත්‍යාගයේ පියසටහන් හා එක්විය හැකිය. මේ සදහා දායක වන මෙන් අපද ඔබට ආරාධනා
කොට සිටිමු.
දු.ක අංකය – 034-2289986
info@piyasatahan.org



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More