දේශීය පුවත්

යහපාලන රජයේ සැබෑ ප්‍රතිපත්ති ප්‍රකාශය ජිනීවා 30/01 යෝජනාවලිය බවත් ආණ්ඩුවේ සියලු දේශපාලන තීරණ තීන්දු ගනු ලබන්නේ එම යෝජනාවලියේ න්‍යාය ප්‍රත්‍රය අනුවයි. නිතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මේ බව සදහන් කලේ ශ්‍රි ලංකික ගෝලිය සංසදයේ විධායක සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

නිතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතාතව දුරටත් සදහන් කර සිටියේ යහපාලන ආණ්ඩුව කඩිමුඩියේ සම්මත කරගත් සාක්ෂි කරුවන් හා වින්ධිතයන් ආරක්ෂා කිරිමේ පණත, අතුරුදහන් වුවන් පිළිබඳව කාර්යාලය පණත, බලහත්කාරයෙන් අතුරුදහන් කිරිමට එරෙහි ජාත්‍යන්තර සම්මුති පණත හා අපරාධ කටයුතු පිළිබඳ සහයෝගිතා පණත මගින් දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමකින් තොරවම විදේශිය විනිසුරන් නොමැතිවම රණවිරුවා ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයට ගෙන යෑමට අවශ්‍ය නෛතික පසුබිම සකස් කරලා ඉවරයි.

ජිනීවා යෝජනාවලියේ 16 වගන්තිය අනුව යහපාලන රජය ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න බැඳිලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය එන්නේ මේ අවශ්‍යතාවටයි. මධ්‍යම ආණ්ඩුව දුර්වල කරලා ප්‍රාන්ත ආණ්ඩු නමයකට රට කඩලා ඉන්දියන් සාගරය තුල ඇමරිකාව, ඉන්දියාව හා චීනයේ වෙළඳ හා ආරක්ෂක ආධිපත්‍ය පතුරවන්න පුළුවන් දුර්වල රාජ්‍යයක් ,ගොදුරු බිමක් බවට ලංකාව පත් කෙරෙනවා.

මහ සංඝරත්නය ජාතික සංවිධාන ඒකට විරෝධය දක්වන කොට රනිල් ඒක හකුළ ගන්නවා, තාවකාලිකව. එතකොට අනිත් පැත්තෙන් ජවිපේ 20 වන සංශෝධනය ගේනවා ජනාධිපතිධුරය අහෝසි කරන්න. එකෙන් කරන්නෙත් විධායකය දුර්වල කරලා වෙනම රාජ්‍යයක් හදන්න උඩගෙඩි දීමයි. වර්ධරාජා පෙරුමාල් ඒකපාක්ෂිකව උතුරු නැගෙනහිර ඒක පාර්ශිකව වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කළාම ප්‍රේමදාස ජනාධිපතිවරයා පළාත් සභාව විසුරවලා ආණ්ඩුකාරවරයා යටතට ගත්තා. 20 න් ජනාධිපතිධුරය අහොසි කළත් මධ්‍ය පරිධිය වාර්තාවෙන් ආණ්ඩු කාරවරයා මහ ඇමතිගෙ බලය යටතට පත් කළත් වෙන්නේ එකම දෙයක්.

මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුලු ඇතුලු පොහොට්ටුවේ හා ඒකාබද්ධ විපක්ෂය මතක තියාගන්න ඕනේ ජවිපෙ කියන්නෙත් 2015 ජනවාරි දේදුනු සන්ධානයේ ප්‍රබල පාර්ශවයක් කියන එක. එකම න්‍යාය ප්‍රත්‍රයක් විවිධ උපාය මාර්ගවලින් එකම අරමුණකට යන්න තිර පිටපත 30/01 යෝජනාවලියේ තියෙනවා.

මේකෙන් ගැලවෙන්න නම් මංගල සමරවීර අත් දෙක උස්සල දණගහලා ලබා දිපු සමදායකත්වය රජය ඉල්ලා අස් කරගත යුතුයි. ගෝලීය සංසදය හදපු විරුවන්ගෙ විත්ති වාචකය අරන් ගිහින් 30/01 ට පදනම් වුණ OISL වාර්තාව පදනම් විරහිත බොරුවක් බව ඔප්පු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළග ජනාධිපතිවරණයේදි සමදායකත්වය ඉල්ලා අස් කරගන්න ජනවරමක් ඉල්ලන්න ඕනේ. සමදායකත්වය ඉල්ලා අස්කරගැනිම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කරන්න කොන්දක් තියෙන නායකයෙකුට විතරයි ජාතික බලවේග වල සහයෝගය ලැබෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More