දේශීය පුවත්

බීමතින් රිය පදවා අනතරක් සිදු කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් කරනු ඇති බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

කිසිදු මත්ද‍්‍රව්‍යයක් භාවිත නොකරන විනයවත් සාමාජිකයන් පමණක් සිටින බවට වේදිකාවන්වලදී ජවිපෙ නායකයන් විසින් පැවසුවද දේශපාලන මණ්ඩල සභිකයෙකුම වෙරිමතින් රිය අනතුරක් සිදුකිරීම සමාව නොදිය යුතු විනය විරෝධී කටයුත්තක් යයි දැනටමත් එම පක්‍ෂ ඉහල මට්ටමේ බොහො දෙනෙකු දරමින් සිටින මතයයි.

මතවාදී අරගලයන් හා වෙනත් චෝදනා මත ජවිපෙන් මීට කලින්ද නායක මට්ටමේ පුද්ගලයන් ඉවත් කර හා ඉවත් වී ඇති නමුත් බේබදුකම හේතුවෙන් නායකත්ව මට්ටමේ පුද්ගලයකු ඉවත් කිරීම හෝ නොකිරීම ගැන එම පක්‍ෂයේ සාකච්චාවක් ඇතිව තිබෙන්නේ මුල් වරටයි.

ලාල් කාන්ත මහතා මීට පෙරද මේ ආකාරයේ හැසිරීම් සිදුව ඇති බව පක්‍ෂ සාමාජිකයෝ දැන් දැන් රහසේ තොරතුරු එලි කරමින් සිටිති.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාද මීට පෙර බීමත්ව රිය පදවා කැබ් රථයක් අනතුරට පත්කිරීමේ සිදුවීමක්ද වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More