ප‍්‍රධාන පුවත්

පාකිස්ථානයෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට සහ අභියෝගයකට මුහුණ දීම සඳහා තමන් සුදානම් බවත් ඒ සඳහා සිය හමුදාවන් සියළුම අංශ වලින් ශක්තිමත් කර ඇති බව ඉන්දීය ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිළධාරීන් පළමු වරට මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටිනවා.

” පාකිස්ථානය අපගේ දේශසීමාවේ පිහිටි හමුදා භට පිරිස් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන තිබෙනවා. අපි ඒ සඳහා ප්‍රති ප්‍රහාර එල්ල කරනු ලබනවා. කුමන හෝ මොහොතක ඔවුන් අපගේ ඉවසීම ඉක්මවීමට පියවර ගෙන පවතින ගැටළුව ත්‍රිව කිරීමට පියවර ගත හොත් ඒ සඳහා අවශ්‍ය උපරිම විපාකය ඔවුන්ට අත් කර දීමට යුධ හමුදාව සුදානම් ” බව මේජර් ජෙනරාල් සුරේන්ද්‍ර සිං මහාල් කියා සිටියා.

” පාකිස්ථාන ගුවන් හමුදාව අපගේ හමුදා කඳවුරු සහ සංග්‍රාමික උපකරණ ඇතුලත් ගබඩා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට උත්සහ කළා. නමුත් ජාත්‍යන්තර දේශසීමාව ආවරණය වන පරිදි අපගේ හමුදාවන් දැඩි සෝදිසියෙන් සිටින්නේ. කුමන ආකාරයක ප්‍රහාරයක් එල්ල වුවත් එය ව්‍යර්ථ කිරීමට අපගේ හමුදාව කටයුතු කරන්න සුදානම්” මේජර් ජෙනරාල් සුරේන්ද්‍ර ප්‍රකාශ කළා.

එයාර් වයිස් මාර්ෂල් RGK කපුර් කියා සිටියේ ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් විනාශ කිරීමට සහ දේශ සිමා ප්‍රහාර සඳහා පාකිස්ථානය විසින් යොදා ගනු ලැබුවේ අමෙරිකාවේ නිෂ්පාදිත F-16 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා බවයි. ගුවනේ සිට තවත් යානයක් විනාශ කිරීමට යොදා ගන්නා R-73 වර්ගයේ අමෙරිකාවේ නිෂ්පාදිත දිගු දුර මිසයිල ප්‍රහාරයක් නිසා තම ගුවන් යානය විනාශවූ බව ඉන්දිය ගුවන් හමුදා නිළධාරියා මෙහිදී කියා සිටියේ.

“පාකිස්ථානය පවසන්නේ ඔවුන් F-16 ප්‍රහාරක ගුවන් යානා මෙම මෙහෙයුම සඳහා යොදා නොගත් බවයි. මෙම ප්‍රහාරයට සඳහා ඔවුන් ප්‍රහාරක ගුවන් යානා 16ක් යොදා ගනු ලැබුවා. එයට F-16 ගුවන් යානා 8ක් ද ඇතුලත්. අපි සතුව සාක්ෂි තිබෙනවා. කෙසේ වුවත් ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවන අපගේ ගුවන් නියමුවා යළි භාරදීමට පියවර ගැනීම සතුටට කරුණක්. ඔහු යලි පැමිණි පසු ඉදිරියේදී වැඩි විස්තර ලබා දීමට පියවර ගන්නම් ” යැයි එයාර් වයිස් මාර්ෂල් කපුර් සඳහන් කර සිටියා.

දිය මත හෝ දිය යටින් එල්ලවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ඉන්දීය නාවික හමුදාව සුදානම් බවත් ඒ සඳහා අවශ්‍ය ආරක්‍ෂිත පියවර මේ වන විටත් ගෙන ඇති බව රියර් අද්මිරාල් DS ගුජ්රාල් මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියා.

ගැටුම් නවතා දමා සාකච්ජා මාර්ගයෙන් ගැටළු විසඳා ගැනීමට එක්වන ලෙස පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සිදුකළ ඉල්ලීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ත්‍රස්තවාදයට රැකවරණය දෙමින් සාකච්ජා සඳහා ඇරයුම් කිරීමෙන් ප්‍රතිපලයක් අත්නොවන බවයි ඉන්දියාව ප්‍රකාශ කර සිටින්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More