දේශීය පුවත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සාධනීය අදහස් ඉදිරිපත් කිරීම ගැන ජවිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පුද කරයි.

ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා සමඟ නිල සාකච්ඡාවක් කිරීමට බලාපොරොත්තු වන බව ජවිපෙ නායකයා කීයා සිටියේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඔහු පැවැසුවේ විසි වැනි සංශෝධන ගැන අනෙක් දේශපාලන පක්ෂ සමඟද තම පක්ෂය සාකච්ඡා කිරීමට සූදානම් අතර එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සියලු මන්ත්‍රිවරුන් එක් විය යුතුවා සේම අනතුරුව මෙම සංශෝධනය ජනමත විචාරණයකට යෑමට අවශ්‍ය ඉඩකඩ සැලසීමද මහජන නියෝජිතයන්ගේ වගකීම බවය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ මෙන්ම පිවිතුරු හෙල උරුමයද විධායක ජනාධිපති ධුරය මේ මොහොතේ අහෝසි කරනවාට දැඩි විරෝදයක් පල කරමින් සිටියදී සිදුවන මෙම හමුවීම විශේෂිතවූ සිදුවීමක් බවට දේශපාලන විචාරකයෝ මතපළ කරති.

එමෙන්ම පසුගිය කාලය පුරා මහා සංඝරත්නය විසින්ද 20 වැනි සංශෝධනයට එරෙහිව විවිධ අදහස් පළ කළ අතර බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටිමින් ඊළාම් රාජ්‍යයක් ගැන සිහින දකින පිරිස්වලට මේ මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට දැඩි වුවමනාවක් ඇති වී තිබෙන බවට චෝදනා එල්ල කෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More