විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගෙන් මහා සංඝරත්්නය සමඟ ගොස් දන්වා සිටීමට රාවණ බලය සංවිධානය තීරණය කරයි.
එහි මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය මඟින් දැනට සන්දේශයක් සකස් කරමින් තිබෙන බවයි.
බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටිමින් ඊළාම් රාජ්‍යයක් ගැන සිහින දකින පිරිස්වලට මේ මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට දැඩි වුවමනාවක් ඇති වී තිබෙන බවද ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පෙන්වා දෙති.
විධායක ජනාධිපති ධුරය අහෝසි කළහොත් රටේ එකීය භාවයට, ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයත් එල්ල වන බවත් ඕනෑම ව්‍යාපාරිකයකුට හෝ සමාගමකට මුදල් වියදම් කර පාර්ලිමේන්තුවේ එකසිය දහතුන පෙන්වා රට ආරජික කිරීමට හැකියාව ඇති බවත් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...