ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සෙවූ ජනාධිපති කොමිෂන්සභා වාර්තාව සහ බරපතල වංචාගැන සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා 34 ක් අද (23) පාර්ලිමේන්තුවේ සභාගතකිරීමට නියමිතයි. මෙම වාර්තා සභාගත කළද අද විවාදයක් පැවැත්වීමට තීරණයක් ගෙන නැත. ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා හෙට (24) දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන්නේ විවාදය කල්දැමීමට ආණ්ඩුව සුදානම්වන බවයි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව මෙම විවාදය පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ කරන බවට ජනතාවිමුක්ති පෙරමුණ චොදනා නගයි. මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන පාර්ලිමේනතුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ 24 පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන තීරණයක් ගැනීමට හැකි බවයි.
බැදුම්කර ජනාධිපති කොමිෂන්සභා වාර්තාවේ පිටු 103ක් අඩුවීම ගැන අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලාමේනතු මන්ත්‍රි උදය ගම්මනපිල මහතා පවසයි. මේ අතර බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ කරුණු විකෘති කිරීමක් ගැන 23 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
මෙම සියළුම කාරණා සැළකිල්ලට ගැනීමේදී අද පාර්ලිමේන්තු රැස්වීමද බෙහෝ උණුසුම් වනු ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරචි මාර්ග වලින්වාර්තාවේ. පසුගිය ජනවාරි 09වෙනිදා පාර්ලිමේනතුවේ ගුටිබැට හුවමාරුවක් ඇතිවී දැඩි උණුස්ම්කාරී තත්වයක් ඇතිවූයේද බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව සභාගත නොකිරීම හේතුවෙනි.
අද (23) දහවල් 1.00 කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේනතුව රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ නවතම තොරතුරු ඔබවෙත ගෙන ඒමට Lanka Lead news සූදානමින් සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...