දේශීය පුවත්

වව්නතීව් පොලිස් මුරපොලට ප්‍රහාර එල්ල කරමින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීම හරහා LTTE යලි නැගිසිටමින් ජාතික ආරක්‍ෂාවට හා සාමාන්‍ය ජන ජීවිතයට එල්ල විය හැකි තර්ජණයන් මැඩ පැවත්වීම සඳහා ආරක්‍ෂක මණ්ඩලයේ තීරණයක් මත LTTE එතර හා මෙතර සම්බන්ධතා ජාලය පිළිබඳව ඉතා සංවේදි බුද්ධි මෙහෙයුමක නිරතව සිටි නාවික හමුදාවේ අති දක්ෂ බුද්ධි නිලධාරියෙකු වන ප්‍රධාන සුලු නිලධාරි P.V.S.J. කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පසුගිය දිනවල සිදුවූ බුද්ධි මෙහෙයුම් තුලින් අනාවරණය වන කරුනු මත ඉදිරියේදි ඇතිවිය හැකි ප්‍රහාරයන් සිදුවිය හැකි ජිවිත හා දේපල හානි පිළිබඳව දැන දැනම මෙම බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගැනීම තුලින් ජාතික ආරක්‍ෂාවඅමු අමුවේ LTTE සංවිධානය වෙත පාවා දී ඇත. මෙයට වගකිව යුතු බලධාරින්ගේ නෙත් යොමු කර මෙම ජාතික ව්‍යසනය නැවතීමට බලධාරින් විසින් පියවර ගත යුතුයි.

“පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම” සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායැයි පවසමින් අදාළ බුද්ධි නිලධාරියා 2019 පෙබරවාරි 26 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. මීට ඉහතදී 2015 දෙසැම්බර් 07 වන දින එම බුද්ධි නිලධාරියා විසින් රහස් පොලීසියට ප්‍රකාශයක් ලබා දී ඇති අතර වසර 4කට පසු නැවත වරක් ඔහු පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අත්අඩංගුවට ගත් P.V.S.J. කුමාර නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියා 2000 වසරේදී නාවික හමුදාවට බැඳී ඇති අතර 2002 වසරේදී බුද්ධි අංශයට ඇතුලත්ව මේ දක්වා සේවය කරමින් සිටියි. ඉතා විශිෂ්ඨ ගනයේ බුද්ධි ක්‍රියාන්විත 29ක් සඳහා සක්‍රියව දායකත්වය ලබා දී ඇති ඔහු ශ්‍රී ලංකාව තුල එතෙක් මෙතෙක් සොයාගත් විශාලතම බෝම්බ ලොරිය සොයා ගැනීම සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇත.

ඔහු සිදු කළ සේවය සලකා රණ වික්‍රම පදක්කමෙන් පිදුම් ලබා ඇති මෙම නිලධාරියා අවස්ථා දෙකකදී රණ ශුර පදක්කමින් පිදුම් ලබා ඇත. වසර 2007 දී ඔහු සිදුකල සේවය සලකා ක්ෂේත්‍ර උසස්වීමක් ලබා දීමටද නාවික හමුදාව කටයුතු කර ඇත. ඔහු සිදුකල සේවය ඇගයීමට ලක් කරමින් නාවික හමුදාපතිවරු තිදෙනෙක් අවස්ථා හතකදී ප්‍රසංශාත්මක ලිපි 7ක් ලබා දී ඇත. 2007 වසරේදී බුද්ධි අංශ සිදුකල මෙහෙයුමක් අතරතුර එල්ලවූ ප්‍රහාරයකින් දරුණු ලෙස ඔහුගේ ඇසකටද හානි සිදුවී ඇති බව ද වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More