දේශීය පුවත්

මහබැංකු කොල්ලය ඇතුළුව අධිකරණවල පවරා ඇති නඩු කටයුතු ප්‍රමාදයට වගකිව යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

කොළඹ ඊයේ(27) පැවැත්වූ උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්ද එක්ව සිටියේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවා තමන් ඉල්ලා සිටි බව ද පැවසු සුමන්තිරන් මහතා, මේ වන විට සියලු වැඩ කටයුතු බාධා සිදුව ඇති බවද පැවසීය.

මහාධිකරණ පිහිටු ඇති බවත්, ඒ තුළින්වත් කිසිදු කටයුත්තක් නිසි ලෙස ඉටු වී නොමැති බවත් පැවසු සුමන්තිරන් මහතා, මෙයට කිසි විටෙකත් දේශපාලඥයින්ට වගකිව නොහැකි බවත්, එයට සම්පූර්ණයෙන් නීතිපතිවරයා වගකිව යුතු බව ද සඳහන් කළේය.

මෙම අවස්තථාවේ දී මාධ්‍යයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කියා සිටියේ, පිටරට සිටින බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් ලංකාවට ගෙන්වා දඩුවම් දිය යුතු බවයි.

එමෙන්ම මහින්ද හා මෛත්‍රී යන නායකයන් දෙදෙනාගේම නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටු වන බවත්, එයට අලුත් නමක් හා සංඛේතයක් තෝරා ගනු ඇතැයි ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More