දහසය හැවිරිදි දැරියක අපයෝජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) ඇප මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල මහතා අද (28) නියෝග කළේය.
ඔහුට මුදලින් රුපියල් 25,000 ක් ද, ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කෙරිණි.
අක්මීමන බටදූව දේවාලයකදී මෙම 16 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් කළ බව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදු කරාට රත්තරං අත්අඩංගුවට
පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 26 වන දින මෙම සිදුවීම සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වයස අවුරුදු 16 හමාරක් වු දැරිය අපයෝජනයට ලක් කර ඇත්තේ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නැමැත්තෙකි.
මොහු රත්තරං යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබයි.
මන්ත්‍රීවරයා අක්මීමන පොලීසියට බාර වීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (28) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...