විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වියට්නාමයේ දී පැවති දෙවන සාකච්ඡා වටය ද එකගතාවකින් තොරව අවසන් වී තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ නායකයින් දෙපළ දෙදිනක් පුරා සාකච්ඡා පැවැත්වුවද උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට දෙපාර්ශවයම අපොහොසත් වී ඇති බවය.

එහෙත් සාකච්ඡා සාර්ථකව පැවති බව දෙරටම නිවේදනය කර තිබෙන අතර ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් යළිත් නායකයින් දෙපළගේ හමුවක් පැවැත්වීම පිළිබද ඉදිරියේදී සාකච්ඡා කරන බව අමෙරිකාව පවසා ඇත.

ට්‍රම්ප්-කිම් දෙවැනි හමුව හැනෝයි නුවර තරු හෝටලයකදී ඇරඹෙයි

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර වියට්නාමයේ හැනෝයි නුවරදී දෙවැනි ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙයි.

තරු පහේ මෙට්‍රොපෝල් හෝටලයේ පැවති සාකච්ඡාව සඳහා සහභාගී වීමට පෙර නායක දෙපළ මාධ්‍ය ඉදිරියේ අතට අතදෙමින් බොහෝ කුළුපගම කටයුතු කළහ.

මෙම පළමු දින සාකච්ඡාව රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැත්වෙන අතර, එහිදී කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටිකහරණය සඳහා සැලසුම් සාකච්ඡා මේසයට පැමිණියේය.

පසුගිය වසරේ සංගප්පූරුවේදී සිදුකළ ප්‍රථම සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් මූලික එකඟත්වයකට පැමිණි අතර, ඒ සම්බන්ධයෙන් තරමක සාර්ථකත්වයක් ලැබුණි. කෙසේ වෙතත්, මෙය තවදුරටත් ඉදිරියට ගෙනයාම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More