දේශීය පුවත්

කිරි නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා පසුගිය කාලයේ රජයෙන් ආනයනය කළ ගවයින් මසට විකිණීම පිළිබඳ කරුණු අනාවරණය වූ බවත් මේ තොරතුරු මාධ්‍ය වෙත නිදහස් කළ යුතු බවත් කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

කථානායකවරයා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති ජාතික විගණන සේවා කොමිසමේ වාර්ෂික මහසභා රැස්වීමට එක් වෙමිනි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) තොරතුරු මාධ්‍ය වෙත ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීමට තමන් ද එකඟ වන බව පැවසූ ඒ මහතා මේ පිළිබඳව දැනටමත් අවශ්‍ය විධිවිධාන ගන්නා ලෙස තමන් නිලධාරීන්ට දැනුම් දී ඇතැයි ද සඳහන් කළේය.

“කෝප් සභාපතිතුමා ඉල්ලීමක් කළා මේක මාධ්‍යයට දෙන්න කියලා. ඒක දැනටමත් මම මේ සම්බන්ධයෙන් උපදෙස් දීලා තියෙනවා අවශ්‍ය විධිවිධාන හදන්න කියලා. මාත් එකඟ වෙනවා, මොකද සමහර අවස්ථාවල මම දැක්කා අපේ කිරි නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා ගෙනාපු හරක් කොක්කට ගිය ආකාරය. නම් තියෙනවා – හරක් නෑ. මෙහෙම අවස්ථා අපි දැක්කා. මේවා ඉතිං ජනතාව දැනගන්න ඕනෙ. මේවා ප්‍රසිද්ධ වෙන්න ඕනෙ” යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More