විදේශ පුවත්

පාකිස්තානය විසින් වෙඩි තබා බිම හෙළන ලද ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානයේ නියමුවා නිදහස් කරන ලෙස ඉන්දියාව පාකිස්තානයට බලකර සිටියි.

ඉන්දීය ගුවන් යානා දෙකක් ප්‍රහරදී බිම හෙලූ බවත්, ඉන්දීය ගුවන් නියමුවන් දෙදෙනෙකු තම අත්අඩංගුවේ පසුවන බවත් මුලින් පාකිස්තානය සඳහන් කළේය.

කෙසේ වෙතත්, පසුව ඔවුන් පවසා සිටියේ අත්අඩංගුවේ පසුවන්නේ එක් ගුවන් නියමුවෙකු බවය. කෙසේ වෙතත්, මෙම නියමුවා අත්අඩංගුවට ගන්නා අවස්ථාව, රුධිරය වෑහෙන ඔහුගේ මුහුණේ ඇස් ආවරණය කර තිබූ ආකාරය දැක්වෙන වීඩියෝවක් පාකිස්තාන තොරතුරු අමාත්‍යාංශය විසින් සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණි.

තුවාල ලැබූ සොල්දාදුවෙකුට අමානුෂික ලෙස සලකන ආකාරය පාකිස්තානය ලොවට කියා පෑ බව කියමින් මෙම සිද්ධිය ඉන්දියාව තරයේ හෙළා දැක තිබුණි. මේ සමගම අදාළ වීඩියෝව ඉවත් කරගැනීමට පාකිස්තානය කටයුතු කළේය.

ඉන් අනතුරුව එම නියමුවා තේ කෝප්පයක් පානය කරමින්, මුහුණේ තුවාල කැළැල් නොමැතිව, පාකිස්තාන හමුදාව අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන නව වීඩියෝවක් මුදාහැර තිබුණි.

එහිදී, තමන් වින්ග් කමාන්ඩර් අභිනන්ධන් බව පවසා සිටි මෙම නියමුවා, තමන් පැදවූ යානය හෝ එම මෙහෙයුම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.

පාකිස්තානය කේන්ද්‍ර කරගත් ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තයන් විසින් ඉන්දීය පාලනයේ ඇති කාෂ්මීරයේදී ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් ඝාතනය කරමින් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය දෙරට අතර මෙවැනි උණුසුම් තත්ත්වයක් යළි ඇති කිරීමට හේතු විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More