දේශීය පුවත්

වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ ඉරාන රජය විසින් ණය ආධාරයක් ලෙස ලබා දුන් උමාඔය ව්‍යාපෘතිය වසර එක හමාරක් නවතා තැබීමෙන් ඉරානයට කිසිඳු පාඩුවක් සිදු නොවූ අතර එයින් පාඩුව සිදු වූයේ ශ්‍රී ලංකාවට බව ඉරාන තානාපති මොහොමඩ් ශෛයිරී අමිරානි මහතා පැවසීය.

ඒ බව පැවසුවේ (27) උදෑසන ඉරාන තානාපතිතුමා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාව විජේරාම නිල නිවසෙදී හමුවූ අවස්ථාවේදීය.

ඉදිරි දිනයකදී උමාඔය නිරීක්‍ෂණය කිරිමට පැමිණෙන ලෙස ඉරාන තානාපතිතුමාට විපක්‍ෂනායකතුමා ආරාධනා කළ අතර එතුමා විසින් ඒ සඳහා එකඟතාවයද පළ කර ඇත.

වත්මන් රජය බලයට පත්වූ පසු රජයේ බලධාරීන්ගෙන් තම රජය ආරම්භ කරන ලද සංවර්ධන කටයුතු නොනවත්වන ලෙස තමා ඉල්ලා සිටියද ඔවුන් එය පිළිනොගත් බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

තවද, තානාපතිතුමා සඳහන් කළේ ඇමරිකාව විසින් ඉරානයට ආර්ථීක සම්බාධක පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ද තෙල් මිලදී නොගන්නා බවයි.

නමුත් ආසියාවේ අනෙකුත් රටවල් තෙල් මිලදී ගන්නා බවද පැවසීය.

එසේම තානාපතිවරයා යොජනා කළේ ඉරානයෙන් තෙල් ලබා දීමේදී මුදල් වෙනුවට තේ, රබර් සහ කුළුබඩු වර්ග ශ්‍රී ලංකාවෙන් ලබාදෙන ක්‍රමවේදයක් හදුන්වා දීමෙන් දෙරටටම වාසි දායක තත්ත්වයක් උදාකර ගත හැකි බවයි.

එම යෝජනාව පිළිබඳව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමුවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More