දේශීය පුවත්

මනූෂගෙන් නාමල්ට චෝදනාවක්

February 28, 2019 7:28 am | Lanka Lead News

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (27දා) පැවසීය.

කුවේට්හි සුරක්ෂා නිවාසයේ සිටින ශ්‍රමික කාන්තාවන් 34 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටිකට්පත් සූදානම් කර තිබියදී රාජපක්ෂ මන්ත්‍රීවරයා සේනානි නම් කාන්තාවකට මුදල් එකතු කරන ලෙස දන්වා ට්විටර් පණිවිඩයක් යවා තිබෙන බව බවද නානායක්කාර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රමිකයන් නොමග යවා සිය අරමුණු ඉටුකර ගැනීමේ පහත් දේශපාලනයක නිතර වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේ මෙම සේනානි නම් කාන්තාව මීට පෙර මුදල් විශුද්ධිකරණ යටතේ චෝදනාවට ලක්වූ තැනැත්තියක් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More