පළාත් සභාවලට දෙන අරමුදල් කපා දමලා පළාත් සභා අකර්මණ්‍ය කරන්න මධ්‍යම ආණ්ඩුව කටයුතු කරනවා නම් ආණ්ඩුකාරවරුන් ලෙස නීති මාර්ගයට ගොස් මේ මුදල් ලබාගැනීමට සිදුවන බැව් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න පවසයි.
ඒ මහතා මෙසේ පැවැසුවේ පෙරේදා (24දා) ගාල්ලේ පැවැති ආණ්ඩුකාර සමුළුවට එක් වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේද පැවසීය.
පළාත් සභාව තමයි සීයට අනූඅටක් පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන, රෝහල් පාලනය කරන්නේ. ම්‍යධම ආණ්ඩුවෙන් මේ මුදල් ටික අපිට ලබාදෙන්නේ නැත්නම් පාසල් ටික කඩා වැටෙනවා. සෞඛ්‍ය සේවය කඩා වැටෙනවා. එතකොට පාසල් සහ සෞඛ්‍ය සේවාවන් කඩා වැටෙනවා නම් අපිට සිද්ධ වෙනවා ජනතාව වෙනුවෙන් අධිකරණයට ගිහිල්ලා මේ මුදල් අපිට ලබාදෙන්න කියලා අධිකරණය හමුවේ ඉල්ලා සිටින්න. එහෙම අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කලින් තමයි අපි තීරණය කරලා තියෙන්නේ ඊළඟ සති දෙක තුළ මේ අමාත්‍යාංශ ලේකම්වරුන්, භාණ්ඩාගාරයේ ලේකම්තුමා සියලු දෙනාම ගෙනැල්ලා මේ ප්‍රශ්නයට ක්ෂණික විසඳුම් ලබලා දෙන්නැයි කියලා ඉල්ලීමක් කරන්න.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...