පාර්ලිමේන්තු සභා ගැබේ කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන්ට පහර දී රාජකාරියට බාධා කිරීමල රජයේ දේපළ විනාශ කිරීමල තියුණු ආයුධ රැගෙන පාර්ලිමේන්තුවට ඇතුළුවීම ඇතුළු චෝදනා කිපයක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මැති ඇමැතිවරුන් දොළොස් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තූව විමර්ශන ආරම්භ කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකුට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔවුන් කිසිවකු ඊයේ :27 වැනිදාෆ වන තෙක්ම එම දෙපාර්තමේන්තුවට පැමිණ නැතග මේ හේතුව නිසා මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර මැති ඇමැතිවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තු සභා ගර්භය වෙත තියුණු ආයුධ රැුගෙන ඒම සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැතිවරුන් වන රන්ජන් රාමනායක සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
මේ අතර රජයේ දේපළවලට පහර දීම සම්බන්ධයෙන් දිලූම් අමුණුගම මහතා ඇතුළු තවත් මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් නිලධාරීන්ට පහර දී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා නිරෝෂන් පේ‍්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු තවත් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
ඇමැති ජයවික‍්‍රම පෙරේරා සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් යන මහත්වරුන්ට මෙන්ම පොලිස් නිලධාරීන්ටද මිරිස් කුඩු ප‍්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...