දේශීය පුවත්

FCID ලොක්කා කලින්ම ගෙදර යවයි

February 28, 2019 4:32 am | Lanka Lead News

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) භාරව කටයුතු කළ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතාගේ සේවා කොන්ත්‍රාත් කාලය අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය පෙරේදා (26දා) තීරණය කර තිබේ.

දැනට සිවු වසරක් ගෙවී ඇති මෙම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ආරම්භ කරන ලද්දේද 2015 වසරේ පෙබරවාරි මස 26 වැනි දින වන අතර එහි ආරම්භයේ සිට මේ දක්වා එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේද රවි වෛද්‍යලංකාර මහතාය.

වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් ඒ මහතා ඉකුත් වසරේ මැයි මස 14 වැනි දින විශ්‍රාමයෑමට නියමිතව තිබුණද කැබිනට් අනුමැතිය යටතේ ඔහුට කොන්ත්‍රාත් පදනම මත සේවා කාලය මේ වසරේ මාර්තු 30 වැනි දින තෙක් ලබා දී තිබිණි.

එහෙත් එම කාලය අවසන් වීමට මසකට අධික කාලයක් තිබියදී කැබිනට් මණ්ඩලය ඔහුගේ සේවා කොන්ත්‍රාත්තුව මෙලෙස අවසන් කර ඇත.

ඔහුගේ කොළඹ පිහිටි නිල නිවෙසින් ඔහුගේ බඩු භාණ්ඩ ආදියද ඉකුත් සිකුරාදා (22දා) වන විට ඉවත් කරගෙන තිබුණු බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More