දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ රූකඩයක් වී ඇති බව බව සරත් වීරසේකර මහතා පැවසීය.

එළිය සංවිධානයේ අද(27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් මෙන්ම යුද හමුදාවද යුද අපරාධ කළ බවට පසුගිය දිනක අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යාපනය දී ප්‍රකාශයක් කළ බව සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි.

වසර 10 පසු රාජ්‍ය නායකයෙකු විසින් හමුදාව යුධ අපරාධ කළ බව පිළිගැනීම ඉතා වැදගත් කරුණක් බව එම ප්‍රකාශ උපුටා දක්වමින් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකමි කවුන්සිලයේ සැසිවාර ආරම්භ වී ඇති මෙවන් කාල වකවානුවක අග්‍රාමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවට බරපතළ පාඩුවක් බව සරත් වීරසේකර මහතා වැඩිදුරටක් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More