ව්‍යාපාරික පුවත්

පකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පකිස්ථාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි වෙත 2019 පෙබරවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු යොදා තිබේ.

ලාහෝර් සහ කරච්චි වෙත පියාසර කිරීමට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට අවශ්‍ය වැඩි දුර උපදෙස් ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් ඇමතීමෙන් සහ www.srilankan.com වෙත පිවිසීමෙන් ලබාගත හැක.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාලනයෙන් පරිබාහිරව සිදු වූ ඉහත තත්ත්වය හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ගුවන් සේවය කණගාටුව ප්‍රකාශ කර සිටියි. සියලු මගීන්ගේ ආරක්ෂාව ශ්‍රීලංකන් ගුවන් සමාගමට අතිශයින් වැදගත් වන අතර ගුවන් සමාගම දැනට ඇති වී තිබෙන මෙම වත්මන් තත්ත්වය සමීපව අධීක්ෂණය කරමින් අදාළ බලධාරීන් සමග නිරන්තරයෙන්ම සම්බන්ධ වී සිටින බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් කියා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More