දේශීය පුවත්

ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලතම මුදල් මංකොල්ලය බවට සැලකෙන මහ බැංකු වංචාව ගැන සෙවීමට තමන් පත්කළ කොමිසම මගින් එහි වැරදිකරුවන් රටට හෙළි කර ඇති නමුත් ඔවුන්ගේ ආණ්ඩුවක් තිබෙන තුරු ඒ වරදකරුවන්ට දඬුවම් දීමට නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජීවිත ගණනාවක් අහිමි කළ කොළොන්නාවේ කුණු කන්දටත් වැඩි කුණු කන්දක් මහ බැංකු මංකොල්ලය හරහා ආණ්ඩුව ඇඟට දමා ගත් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වීමට කටයුතු කරන ආණ්ඩුවක් නොමැති නම් ඔහු ගෙන්විය නොහැකි බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් සෙවූ කොමිසම මගින් වෝහාරික විගණනයක් කරන ලෙස නිර්දේශ කර ඇතත් එවැන්නක් තවම ආරම්භ වී නැතැයිද ජනාධිපතිවරයා කීවේය.

රටට ලැබිය යුතු විශාල ආදායමක් දෙපාර්තමේන්තු, ආයතන, සංස්ථා කිහිපයක් විසින් රටට අහිමි කරන බවත් ඒවා රජයටවත් පාලනය කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත්ජනාධිපතිවරයා කීවේය.

එම ආයතනවල සිදුවන දූෂණ අක‍්‍රමිකතා පාලනය කරන්නට යන විට ඔවුන් වෘත්තීය සමිතිවල බලය පෙන්වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ජාතික විගණන කාර්යාලයේදී අද (27) පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වැනි සංවත්සර උත්සවයට ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

වාර්ෂික අයවැය පරතරය පියවීම සඳහා විදේශීය, දේශීය ණය හා රාජ්‍ය බැංකුවල මුදල් සූරාගන්න සිදුව තිබෙන්නේ ආයතන කිහිපයක් විසින් රාජ්‍ය ආදායම් අහිමි කරන නිසා බව ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රටේ එක් කොටසක් අවංකව සේවය කරද්දී තව කොටසක් හොරකම් කිරීම ඛේදවාචකයක් බව කී මෛත‍්‍රීපාල සිරිසේන මහතා වංචා කරන දේශපාලඥයාගෙන් බැහැරව මේ රටේ රාජ්‍ය ආදායම අහිමි කරන ආයතන ගැන කවුරුත් කතා නොකිරීම කණගාටුවට කරුණක් බව ද කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More