දේශීය පුවත්

ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කලනස්සල්ලට පත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා (සීආර්පීඑෆ්) රථ පෙළකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව පාකිස්තායේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය.

කෙසේ වෙතත් දෙරටේ ගුවන් හමුදාවන්හි ප්‍රහාරක යානා කිහිපයක්ද මේ වන විට දෙරට විසින් බිඳ දමා තිබේ. මෙම ඇතිව තිබෙන තත්ත්වයන් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

දකුණු ආසියා කලාපයේ සාමයට හා ස්ථාවර බවටත්, ද්විපාර්ශ්වික ගැටලු සංවාදය හා විශ්වාසය ගොඩනැංවීම මඟින් විසඳීම ඇතුළු නොසන්සුන්කාරී බව සමනය කරන සියලු ප්‍රයත්නවලටත් ශ්‍රී ලංකාව සිය සහයෝගය පළ කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

එසේම සමස්ත කලාපයේම ආරක්ෂාව, සාමය හා ස්ථාවර බව සහතික වන ආකාරයකින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ඉල්ලා සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ත්‍රස්තවාදී උවදුරෙන් පීඩාවට පත් රටක් වශයෙන් ශ්‍රී ලංකාව පුල්වමාහිදී සිදු වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතා පැහැදිලි ලෙස හෙළා දකින බවත් ත්‍රස්තවාදයේ සියලු ස්වරූප හා විද්‍යමානවීම්වලට එරෙහිව කෙරෙන්නා වූ සංග්‍රාමයට සහයෝගය ලබා දෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More