දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ‘ඉවසුවා ඇති’ ජන රැළි මාලාවේ පළමු රැළිය විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 08 වැනිදා පස්වරු 3.00ට මහනුවර දී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (27) පැවසීය.

මෙම රැළි මාලාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂවල සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ හිටපු සහ දැනට සිටින පළාත් සභා මන්ත්‍රීවරුන්ද සහභාගී වනු ඇති බවද ඔහු පැවසීය.

මහනුවරින් ආරම්භ කර රටපුරා රැළි දහයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. ඉදිරි ජනාධිපතිවරණය පැවැත්විමට නියමිත දෙසැම්බර් 07 වෙනිදා දක්වා මේ ආණ්ඩුවට එරෙහි දැවැන්ත ජන පවුරක් නිර්මාණය කිරීම මූලික අරමුණ ඇතිව මෙම රැලි මාලාව පැවැත්වෙන බවද ඩලස් මහතා පැවසීය.

මෙම රැළි මාලාව අවසානයේ කතරගම සිට කොළඹට විරෝධතා පාගමනක් ආරම්භ කිරීමටද ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More