දේශීය පුවත්

මහ බැංකු හොරකමේ පාඩුව පැටව් ගසමින් මේ රටේ මිලියන 21ක ජනතාවක් සෝ සුසුම්වල ගිල්වමින් තිබියදී ඊට මුල් වූ මහා සොරුන් සියලුදෙනා නිදැල්ලේ සිටින බවටත් ඊට අදාළව පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ද ක්‍රියාත්මක නොවන බවටත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් චෝදනා කරයි.

මහ බැංකු හොරකමට වසර 04ක් පිරෙන ඊයේ (27) දිනයේ මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමෙන් අනතුරුව ඔහු මෙසේ පවසා සිටියේය.

“අගමැති, මුදල් ඇමති, තවත් කැබිනට් ඇමතිවරු 02ක් හා මහ බැංකු අධිපති යන සියලුදෙනා එක්ව රටක මහ බැංකුව සොරා කෑම, ලෝක ඉතිහාසයේ පළමු වරට සිදු වූවක්. එය සිදු වූයේ 2015 පෙබරවාරි 27 වැනිදා ශ්‍රී ලංකාවේදී යි. අද ඒ කුප්‍රකට සිදුවීම සිහිපත් කරන්නයි ජාතික නිදහස් පෙරමුණ මෙවැනි නව ආරක විරෝධතාවක් සංවිධානය කළේ. මේක ‘ස්මාර්ට්’ හොරකමක් එය සිහිපත් කරන්න අපි ‘ස්මාර්ට්’ විරෝධතාවක් සංවිධානය කළා.

රාජ්‍ය බැංකුවල මුදල්, සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදා ගනිමින් සිදු කළ මේ මහා සොරකමේ සොරුන් තවමත් නිදැල්ලේ සිටීම කනගාටුවට කරුණක්. මේ මහා සොරකමින් සිදු වූ පාඩුව රුපියල් බිලියන 3000ක් ලෙස ගණනය කළත් එය වසර 30ක් තිස්සේ පැටව් ගහනවා.

ගොවි ජනතාව, ව්‍යාපාරික ජනතාව ලබා ගත් ණයවල පමණක් නොවේ දූගී දුප්පත් ජනතාව උකසට තබන රත්තරන් භාණ්ඩවලටත් පොලිය ඉහළ ගියේ මේ මහා හොරකම නිසයි. මිලියන 21ක මේ රටේ ජනතාව සෝ සුසුම් හෙළන තත්වයක් මේ මහා සොරකමින් සිදු වුණා. රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටුණා.

මේ මහා හොරකම පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වී වසරක් ගෙවුණා. තවමත් මේ මහා සොරකමේ එක් හොරෙක් විදේශගත වී සිටිනවා. ඇතැමුන්ට ඇප ලැබෙනවා. නීතියෙන්, මේ රටේ මිලියන 21ක ජනතාවගේ සෝ සුසුම්වලට ලබා දෙන පිළිතුර කුමක් ද?

අපි අවධාරණය කරනවා, මේ මහා සොරුන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්න කියා. මේ සියලුදෙනාගේ පෞද්ගලික දේපළ රාාජසන්තකකර හෝ මේ පාඩුව පියවාගත යුතුයි.”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

පහත දැක්වෙන්නේ අද දින නව ආරකින් පැවති විරෝධතාවයේ ඡායාරූප සටහනකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More