දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය තුළ කතා කිරීමට හැකි නායකයින් කෙතරම් සිටියද, වැඩක් කිරීමට හැකි නායකයින් සිටින්නේ අල්පයක් බව එම පක්ෂයේ උප නායක අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රට හැදිය හැකි කාලය උදාවී ඇති බවත්, සෑම දේශාපාලන පක්ෂයක්ම පසුගිය වසර 71 ක් තුළ රට හැදීමට මෙන්ම නැති කිරීමටත් විශාල දායකත්වයක් ලබා දී ඇති බව ද පැවසු අමාත්‍යවරයා, එක්සත් ජාතික පක්ෂය තුළ අද වන විට කථා කාරයෝ රැසක් සිටින බවත් වැඩකාරයෝ බොහෝම අඩුවෙන් සිටින බව ද සඳහන් කළේය.

උසනම් සෙකුරිටි, මිටිනම් කම්කරු ආකාරයෙන් රටේ ප‍්‍රශ්න විසදිය නොහැකි බව ද ඔහු සදහන්කර සිටියේය. එජාප උප නායක හා කොළඹ දිස්ත‍්‍රික් නායකයාද වන රවි කරුණානායක මහතාගේ ප‍්‍රකාශය මීලග ජනාධිපතිවරණයට තරග කිරීමේ අදහසින් පසුවන සජිත් පේ‍්‍රමදාස මහතාට අනතුරු සංඥාවක් සේ සැලකිය හැකිය හැකිබවටද දේශපාලන විචාරකයෝ අදහස් පළ කරති.

Ravi Karunanayeke takes Jab at Sajith Premadasa

උස නම් සිකියුරිටි කොටනම් කම්කරු කියලා බෑ

Gepostet von Newshub.lk am Dienstag, 26. Februar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More