විදේශ පුවත්

උතුරු කොරියානු රාජ්‍ය නායකයා සමග දෙවැනි සාකච්ඡාවට එක්වීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා වියට්නාමයේ හැනොයි අගනුවර වෙත පැමිණ තිබේ.

රාජ්‍ය නායකයන් අතර ඓතිහාසික දෙවැනි සාකච්ඡාව අද(27) සහ හෙට(28) දිනවල පැවැත්වීමට නියමිතව ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම් රැගත් රථ පෙළ හැනොයි නුවර සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය වෙත පැමිණි අතර එහිදී ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා අමෙරිකානු ධජ රැගත් පිරිස් එක්ව සිටියේය.

ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර කෙටි සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව නායකයන් දෙපළ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

නායකයන් දෙපළ අතර සුමට සාකච්ඡා පැවැත්වීම සඳහා ඔවුන්ගේ භාෂා පරිවර්තකයන්ද මේ අවස්ථාවට එක්වන බවට ධවල මන්දිර ප්‍රකාශිකාව පැවසුවේය.

අමෙරිකානු සහ උතුරු කොරියානු නායකයන් අතර පළමු හමුව පසුගිය වසරේ ජූනි මාසයේදී සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී පැවැත්වුණි.

එහිදී උතුරු කොරියානු න්‍ය්ෂ්ටික වැඩපිළිවෙල අත්හිටුවීම පිළිබද ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගැනුණි.

ඒ වෙනුවෙන් උතුරු කොරියාව සාධනීය පියවර කිහිපයක්ද ගත් අතර ඉන් අනතුරුව දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර කලක පටන් පැවැති පසමිතුරුකම්ද සමනය වන ආකාරයක් දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More