පුරවැසි කොලම

රෝ . ඩී . ල් – सिरूवीर ठकिर्ल

February 27, 2019 10:36 am | Lanka Lead News

මේ ආණ්ඩුව පත්වීමත් සමග සිරිසේන සහ රනිල් රාජ්‍ය සම්පත් එකිනෙකාට බෙදාගත්තා. ඒ අතරින් රාජ්‍ය රුපවාහිනී 2 සහ ගුවන්විදුලිය චැනල් වෙනවා. එයිනුත් ජාතික රුපවාහිනිය සිරිසේනගේ හෙන්චයියෙකුටත්, ස්වාධිනරුපවාහිනිය රනිල්ගේ දකුණු අත වගේ ඉන්න (එයාට හෙන්ච්චයියෙක් කියන්න බැහැ, එයා 2නි වෙන්නේ රනිල්ට විතරයි) සමන් අතාවුද හෙට්ටිටත් පැවරෙනවා.

අපේ අය දේශපාලන ලෝකයේ එදිනෙදා වෙන ඕනෙම දෙයක් ඉතාම සියුම්ව විච්චේදනය කරලා හරබර ගැඹුරු විවේචන කරනවා. අනෙකා කකුලක් ඉස්සුවක් බිමට තියෙන ඇක්සන්ට් එකෙන් ඊලඟ මිම්ම පිම්ම ටක්කෙට කියනවා. මේ විශේල්ෂණ හැකියාව විශිෂ්ඨයි.

දැන් වරු 3කුත් ගියා, බැසිල් සර් රනිල් හාමුගේ TV චැනල් එකට ගිහින් සෝමේ කියන පඹය ඉස්සරහින් තියාගෙන හතර වටේ නෙලලා ආවා. බැසිල් සර් චෑන්ස් එක ගත්තේගත්තේ කොහොමද අහනකොට, කාටවත් ඒකට උත්තර නැහැ. සමහරු කියනව මැකෝලු චෑන්ස් එක දුන්නේ, සමහරු කියනවා අපිට කෙලවන්නම කියල රනිල්ලු චෑන්ස් එක දුන්නේ. මේවට තමා කියනේ උගුරට හොරා බෙහෙත් ගිලිනවා කියල.

නමුත් තාම කවුරුවත්, මේ සිදුවීම විච්චේදනය කරනවා දැක්කේ නැහැ. ඒ වුනාට අරකෙන් හෙන චුං වෙලා නම් ඉන්නවා. මේක නිමිත්ත කරගෙන පවතින පරිසරය ගැන සාරාංශ අදහසක් කියන්න හිතුනා.

මේ සිදුවීම වැදගත් වෙන්නේ, මිට අදාල related works එක්ක තියෙල බලද්දී.

රෝ සංවිධානයේ මුලිකත්වයෙන්

1. 2015 මුලික වෙනසට එවකට විරුද්ද පක්ෂයේ පිටිය සැකසීම

– ඊට අදාල නළුවන් සපයන්නත් අපි දක්ෂ වුනා. 2014 අගෝ. සිරිසේනට අගමැති දෙනවා කියල ඇඳුනුත් මහගෙන ඉන්න කියල පොල්ල තිබ්බා.
– රෝ නියෝජිතයන් කැබිනට් මණ්ඩලයට වැඩමුළු පවත්වම්න් සංක්‍යාන ඉලක්කම් විජ්ජා කරමින් 2015 ජනාධිපතිවරණයකට යාම පරදින බවට සහතික කරා.
– අවසාන වශයෙන් යන බව දැන දැන බද්යුදීන් රැදිසිටීමට අමතරව ඉල්ලු මන්ත්‍රී ආසනයක් පුජා කරලා ගිහින් එන්න කියල පිටට තට්ටු කරා.
– ජනාධිපතිවරණ ප්‍රචාරක සැලසුම් කමිටුවේ බෙදීම් හැදුනා/වා.
– හරියට බැලුවොත්, එදා ඔවුන් දින්නට වඩා ඔවුන්ට දිනන්න අපිම පිටිය සකස් කර දුන්නා. (මට නම් මේක තරඟ පාවා දීමක්.)

2. 2015න් පසු නොසිතු ලෙස බලවත් වූ විරුද්ද පක්ෂය සැර බාල කරවා, රනිල්ට හානියක් නොවෙන ලෙස පවත්වාගෙන යාම

3. 2015 අගෝ. සිරිසේන මහින්ද එකඟතාවයෙන් සිදුවන්නට ගිය මහ මැතිවරණයට අන්තිම මොහොත වේදිකාවේදී සිරිසේන සහ මහින්ද අතර විරසකය ඇති කිරීම

4. 2015 අගෝ සිට මේ දක්වාදක්වා රනිල්ගේ කප්පරක් වැරදි එහෙමම නඩත්තු වන්නට ඉඩ දි රටට මේ විනාශය ඉඩ හැරිම

5. 2017 ව්‍යවස්ථා අනතුර දියත්කල මොහොතේ, එපා වාහෙට බත් දෙන්නා සේ හුණ්ඩු රැස්වීම සහ දියාරු විරොදයක් ගෙන ඒම
– මැදගොඩ අභයතිස්ස හිමි, අස්ගිරි පාර්ශව කාරක සංඝ සභාව සහ ගිහිඋගතුන්ගේ සැලසුම නොවෙන්නට 2018 වසර අපි පුර්ණ-සන්ධියරාජ්‍යක ජිවත් වෙන පුරවැසියෝ වීමට ඉඩ තිබුණ.
– මීට අමතරව සම්‍යක් දිව්‍ය සහ බ්‍රහ්මයන්ගේ දායකත්වයත් ලැබුනූ බවට බලවත්ව විශ්වාස කරනවා. (තෙරුවන් සරණයි කියනකොට ගොන් පාට් හිනාව දාන විහිළු කාරයන්ට මේක හොද ජෝක්ස් එකක් වෙන්න පුළුවන්.)

6. 2017 ක්‍රියාත්මක වූ සිරිසේන සහ මහින්ද සමගි කිරීමේ මෙහෙයුම ද්‍රෝහී මෙහෙයුමක් ලෙස හංවඩු ගහලා අවලංගු තත්වයට ගෙන ආවා.
– දුර්වල වෙන සිරිසේන, මැතිවරණයෙන් පස්සේ, පැවැත්ම වෙනුවෙන් රනිල්ගේ ළඟ තවදුරටත් දනගහනවා. මේකේ අවසානය දැනටත් අත්තනෝමතික රනිල් අසහාය අත්තනෝමතික රනිල් කෙනෙක් බවට පත්වීම.
– ඉතුරු ටික දැනගන්න, ඔයාල ගෙදර වැඩ විදිහට රනිල්ගේ 2002, 2004 අධ්‍යනය කරන්න. රනිල් කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි, වැඩපිළිවලක්. ඒකේ සිංහල ප්‍රකාශය, දැන් ගෝඨාට හේත්තුව දාගෙන ඉන්න චන්ද්‍රප්‍රේමගේ “කොළපාට සමාජය” පොත කියවන්න. සිංහල එක පොෂ් මදි වගේ හිතෙනවා නම්, ඉංග්‍රීසි ප්‍රකාශනය “Regaining Sri Lanka” ප්‍රකාශනය හොයාගෙන කියවන්න. ඉතිං සිරිසේන යම් උත්සහයක් දරනවා/ දැරුවා රනිල්ගෙන් මෑත් වෙන්න [1].
– ඒත් අපි පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි වෙනසකට අදාල නොවෙන නමුත් සැබෑ අනතුර පිටුදැකීමට අදාලව යොදාගත හැකි මේ මැතිවරණ සමය 50, 75 කරගැනීමට කිසිදු ඵලදායි යොදවා ගැනීමකින් තොරව රැස්වීම් වල ඔළු ගෙඩි වලින් ස්වයං වින්දනයට යොදවාගෙන අවසන් කරන්න යන විදිහකුයි පේන්න තියෙන්නේ.

7. 2015 ජන 9 මහින්දගේ ප්‍රධාන උපදේශ පැදුරටත් නොකියා පැනල යද්දී, මහින්දව නැවත කරලියට ගෙන ආ සිංහල බවුද්ධ ජාතිකත්වයට [2] අදාල දේශපාලනයේ මුදුන සැමදා සුළුජන අන්තවාදයට අත්වැල් සැපයු/යන චරිත 2 කින් “නිල-වශයෙන්” ඔටුනු පැළඳවීම සහ ජනතා අභිෂේකය උදෙසා ජනමාධ්‍ය සන්ධර්ශනය ඇරබීම.
– මේ ITN උත්සාහය රනිල්ගේ උවමනාවට වඩා රෝ එකේ උවමනාවට අත්වැල් සැපයීමක්. එළියේ සහ තුල දෙපසම සතුරා ඉතාම දක්ෂ විදිහට ස්ථානගත වෙලා.
– රනිල් සහ බැසිල් කියන්නේ දිශාවෙන් ප්‍රතිවිරුද්ද, ජාතිකත්වය සාධකයට හානියෙන් සමාන අනතුරක් තියෙන දෙන්නෙක්. මට නම් මේ 2ගේ වෙනසකට පේන්නේ අදින ඇදුම් සහ වාසගම් විතරයි.
– මොහොතේ, රනිල්ට පවතින්න බැසිල්ගේ පැවැත්ම බැසිල්ගේ පැවැත්මට රනිල්ගේ පැවැත්මත් ගහට පොත්ත වගේ බැඳුනු සම්බන්ධයක්. ඒක නිරීක්ෂණයට මොහොතේ හොදම සිදුවීම ITN නාටකය.

දැන් හරියට ගණන් හදල බැලුවොත්, සිංහල බවුද්ධ ජාතිකත්වයට අල්ලපු වත්තත් නැහැ, පය ගහපු වත්තත් නැහැ. ඒ වුනාට රත්තරන් (මහින්ද රාජපක්ෂ නිසා) තාච්චියේ තියෙන නිසා අශුචි (ප්‍රායෝගිකවම බෙදුම්වාදී සහ අන්තවාදයට අත්වැල් සපයන) වුනත් පුච්චන් කන මානසිකත්වයට වැටිලා.

රෝ එක අපව කොතරම් ගැඹුරට විනිවිද ඇද්ද කියන එක තෙරුන් ගන්න ප්‍රධාන නගර ලැයිස්තු නායක සුල මුල හොයල බලන්න. (මගෙන් අහන්න එපා, තමුන්ම ඒවා ගෙදර වැඩ විදිහට තියාගන්න.)

කෙනෙක් කියන්න පුළුවන්, මේ චන්දයක් වෙලාවේ මේවා අතාරින්නෙ චන්ද කඩන්න කියල. ප්‍රාදේශීය මැතිවරණයක් වෙනුවෙන් බුකියෙන් හැදෙන චන්දයක් නැහැ. දෙන කෙනා කවුද කියලකියල තීරණය කරලා ඉවරයි. අනික ගම් වල මිනිස්සු බුකිය ස්ටේටස් බලලබලල චන්දෙ දෙන්න වෙලාවක් හෝ හැකියාවක් නැහැ. බුකියෙන් ගමට චන්ද වැටෙනවා නම්, සිරිකොත බලකාය මීට වඩා බුකියේ ක්‍රියාශීලියි.

මට අන්තිමට කියන්න තියෙන්නේ මේ තත්වය වෙනස් කරන්න මගේ උත්සාහයක් නැහැ. මොකද, මම මේ වෙනකොට දේශපාලකයා හෝ දේශපාලනය ගැන විශ්වාස කරන තත්වයෙන් ඉවත්වෙලා. පවතින තත්වය වෙනස් කිරීමට නොපෙනෙන දෙවියන්ට සහ බ්‍රහ්මයන්ට තත්වය බාර කරනවා හැරෙන්න මම වගේ බින්කුන්ඩෙක් මොනවා කරන්නද…?

ඔයාල වගේම මමත් අධිකවම කාර්යබහුලයි, වැඩ නැතිවට නෙමෙයි, ඒත් මේකත් ලිවේ, මොකෙක් හරි කොහෙන්හරි හරි මේක ලියවෙන්න ඕනේ නිසා සහ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා සිටීමේ නිවට පුරුද්ද කවදාවත් මට නොතිබ්බ නිසා.

සැයු : බැසිල් ඉතාම හොද දක්ෂ සැලසුම් හදන්නෙක්, කළමනාකරුවෙක්. මේක මම ඔහුට චෝදනා කරන්න ගත්තු 2012/3 කාලේ ඉදන්ම කියන එකක්. ඒත් අවධාරණය කරන්න තියෙන්නේ, පොට්ටුඅම්මානුත් සැලසුමේ සහ ක්‍රියාත්මක කිරීමේ දක්ෂයෙක් බව. රනිල්ටත් වෙන වැඩක් බැරි වුනත් බලය අල්ලන් ඉන්න දක්ෂයෙක් බව. කාගේවත් දක්ෂකම තිබ්බට වැඩක් නැහැ. ඒකෙන් ජාතිකත්වයට හානි වෙනවා නම්.

[1] සිරිසේනට රනිල්ව එළවීමට අවංක උවමනාවක් තියේද…?

සිරිසේනට රනිල්ව එළවීමට අවංක උවමනාවක් තියේද…?දේශපාලනේ අපිට දෘශ්‍ය සිමාව හරිම පටුයි. කියන දෙයක් කියන්න වෙන්නේ,…

Gepostet von सिरूवीर ठकिर्ल am Mittwoch, 17. Januar 2018

[2] දැන් සම-හරක් මේකත් සම-හරක්ගේ පලා බබාලට ක්‍රෙඩිට් එක අරන් දෙන්න පාවිච්චි කරනවා. ඒත් එහි සැබෑසැබෑ ගවුරවය හිමිවිය යුත්තේ 2006 යුද්දය ආරම්භක වකවානුවේ විහාර ගෙයි බුදු පිළිමචායා දැකපු ගොඩේ මානසිකත්වය කියල කොන් කරපු සිංහල බවුද්ධ කාන්තාව ප්‍රමුඛ ඇනොනිමස් සිංහල බවුද්ධයට, උපාසක අම්මල සහ පන්සලේ හාමුදුරුවන්ට. එදා ඔය බහුතරයක් (90% කට එහා) පලා බබාල පක්ෂ නායකත්වයත් එක්ක සිරිසේනට හේත්තු වුනා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More