මුදල් හා ජන මාධ්‍ය ධුරයේ පැවැති විෂය පථය හා කාර්යයන් මුදල් අමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කර තිබේ.
පෙබරවාරි මස 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විෂයපතයන් වෙනස් කර ඇති බව සඳහන් වෙයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යධුර යටතේ පැවැති ජනමාධ්‍ය විෂයට අදාල කාර්යයන් සහ කර්තවියන් මෙන්ම දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා අමාත්‍ය මණ්ඩල නොවන ජනමාධ්‍ය අමාත්‍ය ධුරය යටතට පවරා තිබේ.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන ආයතන කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය ධුරය යටතට අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පත් කර ඇති බව සඳහන් වෙයි.
අමාත්‍ය මණ්ඩල නොවන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ රුවන් විජේවර්ධන මහතා පසුගියදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
එමෙන්ම අමාත්‍ය මණ්ඩල නොවන විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍යධුරය යටතට ග්‍රාමීය පුනර්ජීවන අරමුදල, ජන දිරිය අරමුදල, යන ආයතන විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අදාල අමාත්‍ය ධුරය යටතට පත් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...