රාජ්‍ය අංශයේ නිලධාරීන් 15,000කට වැඩි පිරිසක් අද (27දා) දින දීපව්‍යාප්තව වැඩ වර්ජනයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පවසයි.
වැටුප් වැඩි කිරීම, වැටුප් විසමතා ඉවත් කිරීම, විශ්‍රාම වැටුප් ලබාදීම සහ 2018 රාජ්‍ය සේවකයා මත පැටවූ බදු ඉවත් කිරීම මූලික කරගෙන දියත් කරනු ලබන මෙම වැඩ වර්ජනය සඳහා වෘත්තීය සංගම් 17ක් සහභාගි වන බවද හෙතෙම පැවැසීය.
රජයට අවස්ථා ගණනාවකදීම මේ පිළිබඳව දැනුවත් කළද කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති වීම නිසා මෙසේ රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම් 17ක් එකමුතුව මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනය සිදු කිරීමට නියමිත බවත් දිවයින පුරාම මෙලෙස මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවත් ලේකම්වරයා සඳහන් කරයි.
රාජ්‍ය ඉන්ජිනේරු සංගමය, ක්‍රම සම්පාදන සේවා සංගමය, දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව, මිනුම්දෝරු වෘත්තීය සමිති එකමුතුව, අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ සංගමය ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 17ක් මෙම වැඩ වර්ජනයට එක් වන බවත් සඳහන් කරන උදයසිරි මහතා පෙන්වා දෙන්නේ එසේද විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයන් දියත් කිරීමද සූදානම් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...