දේශීය පුවත්

ආනයනික විදේශීය කිරිපිටිවල විෂ රසායනික ඇති බවට මෑතකදී රට තුල ඇතිව තිබෙන ප‍්‍රබල සාකච්චාව හේතුවෙන් මෙරට වෙලදපලේ ආනයනික කිරිපිටි අලෙවිය අති සීඝ‍්‍ර ලෙස පහළ බැස ගොස් තිබේ.

කොළඹ හා තදසන්න සුපිරි වෙලද සැල් ගණනාවක ආනයකින කිරිපිටි රාක්ක පුරවා තිබුනද දේශීය පිටි කිරි වර්ග වන පැලවත්ත හයිලනඩ් උග‍්‍ර හිගයක් ඇතිව තිබේ.

ඒ සදහා නැවත තොග ලබා දුන්නද දිනක් හෝ දෙකක් ඇතුලත ඒවාද අලෙවි වී අවසන් වන බව වෙලදසැල් මුදල් අයකැමිවරුන් කියති.

මේ අතර පැලවත් සමාගම විසින් රට පුරා ස්ථාන ගණනාවක පවත්වාගෙන යන අලෙවි සැල්වල කිරිපි නිකුත් කිරීම සීමා කර ඇත්තේ අධි ඉල්ලුම නිසායි. ඔවුන් එක් අයෙකු සදහා නිකුත් කරන්නේ කිරිපිටි පැකට් තුනක් පමණි.

ඇතිව තිබෙන අලෙවි අර්බුදය හමුවේ විදේශීය කිරිපිටි සමාගම් සියල්ල එක් වී විද්‍යුත් මුද‍්‍රිත මාධ්‍යන්හි දැන්වීම් විශාල වශයෙන් පල කලද පැලවත්ත හයිලන්ඩ් දැන්වීම් දකින්නට ඇත්තේ බොහෝ කලාතුරකිනි.

මීට අමතරව දේශීය දියරකිරි ඉල්ලුමද අති විශාල වශයෙන් ඉහල ගොස් ඇති බව වෙලදසැල් හිමියෝ කියති.

විදෙස් කිරිපිටිවල විෂ රසායනිකයන් ඇති බවට පසුගියදා බුද්ධික පතිරණ ඇමතිවරයා ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් සිදු කළේය.

ලක්මව දියණියෝ ඇතුළු ස්වේච්ඡා සංවිධාන කිහිපයක්ද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද පසුගියදා හැකි තාක් දේශීය කිරිපිටි හා දියර කිරි භාවිත කරන ලෙස ඉල්ලීමක්ද ජනතාවගෙන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More