දේශීය පුවත්

බෙදුම්වාදය දැඩි ලෙස සවිමත් කරන දහතුන්වන සංශෝධනය එලෙසින්ම පවත්වාගෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන්නේ රට දුර්වල කර කෑලි කෑලි වලට කැඩී යාමට පාර කැපීමක් බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා මේ බව සදහන්කර සිටියේය.

ඉතිහාසයේ දෙවතාවක් හැරුණුකොට අන් සෑම වතාවකම අස්ථාවර පාර්ලිමේන්තු බිහිවූ සමානුපාතික මැතිවරණ ක්‍රමය තබාගෙන බෙදුම්වාදය දැඩි ලෙස සවිමත් කරන දහතුන්වන සංශෝධනය එලෙසින්ම පවත්වාගෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන්නේ රට දුර්වල කර කෑලි කෑලි වලට කැඩී යාමට පාර කැපීමක්. ලෝකයේ මේ ක්‍රම දෙකම තිබෙනවා. ඒ ඒ රටවල් එය තෝරා ගන්නේ අවස්ථානුකූලවයි.

සාමාන්‍යයෙන් දිවා ආහාරයට අපේ රටේ පුද්ගලයන්ගෙන් සියයට අනුවක්ම ගන්නේ බත්. ඉන් කියවෙන්නේ නැහැ කිරිබත් නරකයි කියලා. බොහෝ දෙනෙක් උදේට කිරිබත් කනවා. නමුත් රෑට කිරිබත් කන්නේ නැහැ. ඒ ඒ අවස්ථාවට අනුවයි කෑම ගැලපෙන්නෙ. රට අනුව තමයි දේශපාලන ක්‍රමයත් ගැලපෙන්නෙ. ශ්‍රී ලංකාව වැනි විවිධ කාරණා මත බෙදුණු, ජාත්‍යන්තර බලපෑම්වලට ලක්වී තිබෙන, රාජ්‍ය නොවන සංවිධානවල ග්‍රහණයට නතු වී තිබෙන, මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන බවට චෝදනා එල්ල වී තිබෙන, රටකට පාර්ලිමේන්තු ක්‍රමයකට වඩා ගැලපෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය යැයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා නම් මැතිවරණ ක්‍රමයත් දහතුන්වන සංශෝධනය වෙනස් විය යුතුමයි. නමුත් දැන් මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නට යනවා කියන්නේ අපට දිනාගත හැකි එකම මැතිවරණයත් අහිමි කර ගැනීමයි.

මේ වෙලාවේ ආණ්ඩුවත් කියන්න පුළුවන් ගම්මන්පිල මන්ත්‍රිතුමා කියන කතාව ඇත්ත තමයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් මැතිවරණය ක්‍රමය වෙනස් කරන්නට අවශ්‍යයි. නැත්නම් අස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති වෙලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තු මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට තියන්න සීමා නිර්ණ කොමිසමක් පත් කරමු කියලා.

නමුත් එයින් වෙන්නේ සීමා නිර්ණයට මුවා වී කල් දමන්නට බැරි එකම මැතිවරණය වන ජනාධිපතිවරණයත් අහෝසිවි යාමයි. ජනාධිපතිවරණයත් අහෝසි කරලා පාර්ලිමේන්තු මැතිවරණයටත් සීමා නිර්ණය කොමිසමක් දැම්මහම පාර්ලිමේන්තු මැතිවරණයටත් අබසරණයි. 2025 දක්වා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ කිරිඇල්ල ඇමතිතුමාගේ සිහිනය සැබෑ කිරීමට අපේ පැත්තෙනුත් පාර කපා ගන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ උගුලට අපි අසුවෙන්නෙ නෑ කියන විශ්වාසය මට තිබෙනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More