දේශීය පුවත්

ජිනීවා යෝජනාවට එක`ගත්වය පළකිරීමෙන් ඉවත් වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විදේශ කටයුතු බලධාරීන්ට නියෝග කිරීම නිසා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් රැසක් කලබලයට පත්වී ඇත.

මෙම ජිනීවා යෝජනාව අලූතින් කෙටුම්පත් වී මාර්තු 7 දා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ.

2015 සැප්තැම්බර් මසදී මංගල සමරවීර ඇමැතිවරයා විසින් ජනාධිපති අනුමැතිය නොලබා ජිනීවා යෝජනාවට සම අනුග‍්‍රහය දීමෙන් ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගනු ලැබීය.

මේ නිසා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 59 කට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය හමුවේ යුද අපරාධ චෝදනා එල්ලවී ඇත.

මේ අතර ශ‍්‍රී ලංකා රජය ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තාවීම නිසා කොටි ඩයස්පෝරාව දැඩි නොසන්සුන්තාවකට පත්ව ඇත.

බි‍්‍රතාන්‍ය ආරංචිමාර්ග පැවසුවේ ගෝලීය ද්‍රවිඩ සංසදය බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය ඇතුළු ඩයස්පෝරාවේ ක‍්‍රියාකාරීන් පිරිසක් බි‍්‍රතාන්‍ය රජයේ බලකිරීම් හමුවේ ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට ඉඩ නොදෙන ලෙස ශ‍්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස ඉල්ලා ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More